කොළඹ කොටුව ප්‍රදේශයේ අද සවස පැවති
විරෝධතා ව්‍යාපාරයකට කඳුලු ගෑස් එල්ල කර ඇති බව වාර්තාවේ.
රැකියා විරහිත උපාදිදාරීන්ගේ සංගමයක් මගින් මෙම විරෝධතාව දක්වා තිබෙන අතර මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණ පැවැත්වූ ඔවුනට විසිර යන්නැයි කළ ඉල්ලීම නොතැකීම නිසා කඳුලු ගෑස් එල්ල කර ඇති බව පොලිසිය පවසයි.