2015 රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍යධුරයට පත් කර 2018 ඔක්තෝබර් 26 වැනි දා එම තනතුරින් ඉවත් කිරීම දක්වා කාලය තුළ රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරය භාවිත කර තිබුනේ සිය කාර්යාලය ලෙස පමණි. ඔහු
පදිංචිව සිටියේ

කොල්ලුපිටියේ 5 වන පටුමගේ ඔහුගේ පුද්ගලික වාසස්ථානයේය.

නමුත් ඔක්තෝබර් 26 වනදායින් පසු ඔහුට සිය තනතුර අහිමිවීමෙන් පසුව එජාප පිරිස සමග ඔහු ද බිරිය මෛත්‍රී වික්‍රමසිංහද අරලියගහමන්දිරයේ නැවතී සටන මෙහෙයවීය.

එම සටන ජයග්‍රාහී ලෙස අවසන් කරමින් රනිල් වික‍්‍රමසිංහ මහතා දිවුරුම් දීමෙන් පැය කිහිපයකට පසුව අරලියගහ මන්දිරයෙන් නික්ම වික‍්‍රමසිංහ පවුලට අයත් කොල්ලූපිටියේ පස්වැනි පටුමගේ පිහිටි නිවසේ පදිංචියට නැවත ගොස් ඇති බව වාර්තාවේ.

2015 ජනවාරි 08 සිට 2018 ඔක්තෝබර් 26 වැනි දා  දක්වා කාලය තුළදී රනිල් අරලියගහ මන්දිරයේ ගතකර තිබුණේ රාත‍්‍රීන් දෙකක් පමණක් වන අතර
අග‍්‍රාමාත්‍යධුරයෙන්  ඉවත්  කිරිමෙන් පසුව පුරා දින 50ක් අරලියගහ මන්දිරයේ  රැඳී සිටි බව පැවසේ.
ඉදිරියට අරලියගහ මන්දිරය රනිල් වික්‍රමසිංහගේ වාසස්ථානය නොවනු ඇති අතර අගමැති කාර්යාලය ලෙස පමණක් භාවිත කරනු ඇත.