අද සන්ධ්‍යා කාලයේ ශ්‍රීලනිප මන්ත්‍රී කන්ඩායම සමග ජනපති මෛත්‍රිපාල සිරිසේන පැවැත්වූ සාකච්ඡාවෙන්
පසු ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 21 දෙනාම
විපක්ෂයේ අසුන් ගන්නට තීරණය කළ බව සාකච්ඡාවෙන් එළියට ආ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම සඳහන් කළේය.
තමන්ගේ 21 දෙනෙකුගෙන් යුත් කන්ඩායමේ කිසිවෙකු ඇමතිධූර, නි.ඇමති ධූර හෝ රාජ්‍ය ඇමති ධූර භාරගෙන රජයට සම්බන්ධ නොවන බවත් විපක්ෂය ශක්තිමත් කරමින් ඉදිරියේදී කටයුතු කරන බවත් ඔහු දන්වා සිටියේය. ජනපති ලබාදුන් ඒ තීරණයට 21 දෙනාම එකඟවූ බවද ඔහු කීය.
පාරිලිමේන්තු රැස්වීම හෙට(18) පැවැත්වීමට නියමිත අතර ඇමති මන්ඩලය දිවුරුම්දීමද හෙට සිදුවේ.