ඊයේ 15 කිරුළපන පැවති ජන රැළියකට එක්වූ ජවිපෙ මන්ත්‍රී විජිත හේරත් දන්වා සිටියේ තම පක්ෂය 19 වන
ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් යෝජනා කළ එක් වගන්තියක් එයට අඩංගු නොවූ බවත් එය අඩංගු කරන්නට බහුතර කැමැත්ත ලැබුනේ නම් පසුගිය කාලයේ ඇතිවූ දේශපාලන ප්‍රශ්න කිසිවක් අත්නොවන බවයි.
එම වගන්තිය නම් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට තමන්ගේ පක්ෂය
හැර වෙනත් කිසිදු පක්ෂයකට මාරුවීමට හෝ එම තනතුරු භාර ගැනීමට හැකියාවක් නොමැති කිරීම බවත් පෙන්වා දුන්නේය.
පසුගිය කාලයේ රටේ ඇතිවූයේ දේශපාලන ගැටලුව ව්‍යවස්ථා අර්බුදයක් නොව පැහැදිලිවම ක්‍රමන්ත්‍රණයක් බවද ඔහු කියා සිටි අතර ලංකාවේ දේශපාලන සදාචාරය බිඳවැටී තිබීම මේ සියල්ලෙන් පසක්වූ බවද පෙන්වා දුන්නේය.