එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගන්නා බවට කථානායකවරයා දැනුම්වත් කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ඔහු
පෙන්වා දෙන්නේ ඒ අනුව පාර්ලිමේන්තු විපක්ෂ නායක ධුරය ද එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලබාගැනීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට තීරණය කර ඇති බවයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අගහරුවාදා පෙරවරුවේ පැවැත්වීමට ද තීරණය කර තිබේ.
හෙට(17) දිනය තුළ
සන්ධානයේ මන්ත්‍රීවරුන් සාකච්ඡා කිහිපයක්ම පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
මේ අතර  පසුගිය කාලයේ දිගින් දිගටම වර්ජනය තකල නමුත් ලබන 18 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහභාගි වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කංචන විජේසේකර මහතා පැවසීය.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව අධිකරණය තින්දුවක් ලබා දි ඇති බැවින් මෙම තීරණය ගන්නා බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
බත්තරමුල්ල නෙලුම් මාවතේ  පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්‍යාලයේ  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
පාර්ලිමේන්තුව රැස්වූවාට පසු  ව්‍යවස්ථාවට ,ස්ථාවර  නියෝගවලට අනුව යෝජනාවක් ගෙනවිත්  බහුතරය උරගා බැලීමේ අවස්ථාවක් මන්ත‍්‍රීවරුන්ට ඇති බවද ඔහු එහිදී සඳහන් කළේය.