එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය
ඇතුළු දේශපාලන පක්ෂ
නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු 122 දෙනෙකු විසින් ගොනු කරනු ලැබූ පෙත්සම් නිසාවෙන් පසුගිය සතියේ මහින්ද රාජපක්ෂ මහතාට හා කැබිනට් මණ්ඩලයට එම ධූරයන් වල කටයුතු කිරීමේ බලයට එරෙහි අතුරු තහනම් නියෝගයක් පනවන ලදි.

එම අවස්තාවේ එයට එරෙහිව මහින්ද පෙත්සමක් ගොනු කළ අතර එය සලකා බැලීමට අද දින ශ්‍රේෂ්ඨාධිකරණය තිරණය කර ඒ සඳහා ලබන 14 සිකුරාදා දින යොදා තිබේ. ඒ අනුව එදින විභාගය අනුව අතුරු තහනම ඉවත් කිරීම හෝ නොවීම සිදුවනු ඇත.