ව ආණ්ඩු පාර්ශ්වය සමග කටයුතු කිරීමට තමන් අකමැති බැවින් පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට තීරණය කළ බව කියන

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම  කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ඕනෑම වේලාවක ඡන්දය ප්‍රකාශ කරන බව දන්වා ඇත.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවය සමග තමන් වැඩ කිරීමට අකමැති බවත් තමන් කැමති මහින්දට පමණක් අයත් රජයකට බවත් එවැනි රජයක මිස මෛත්‍රී - මහින්ද හවුලක ඇමති ධූරයකට පවා තමන් කැමති නැති බවත් ඔහු සඳහන් කලේය.

අගමැති පත්කිරීම ව්‍යවස්ථානුකූලව සිදු නොකළ බවත් එය එසේ කිරීමට ඉඩ තිබුණ බවත් පැවසුවේය.
එක්කෙනෙක් අගමැති කාර්යාලයේ අනිත් කෙනා අරලියහග මන්දිරියේ. හරි අගමැති කවුද කියලා මිනිස්සු දන්නේ නැතිව අන්දමන්ද වෙලා ඉන්නේ. මම සතුටුවෙනවා මහින්ද මහත්තයා පත්කළ එකට. නමුත් මීට වැඩිය හොඳ විදිහට අපිට මේක විසඳගන්න තිබුණා.

අපට අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තිබෙනවා. ඒ අනුවනේ අපි කටයුතු කරන්න ඕන.
මේ ක්‍රමයට මම කැමති නෑ. මහින්ද මහත්තයට 113 පෙන්නන්න අවශ්‍ය ඡන්දය මම දෙනවා. නමුත් මේ ආණ්ඩුවේ රෙද්දක් ඇඳගෙන වාඩිවෙන්න මට බෑ. මේ කණ්ඩායමත් සමග ඇමතිකම් ගන්න බෑ. ඊට වැඩිය හොඳයි ස්වාධීන වෙන එක  ” පැවැසීය.