පසුගියදා එහාට මෙහාට ගමන් කිරීම නිසා ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වූ ඇමති වසන්ත සේනානායක මහතා මහින්ද රජයේ ඇමති ධූරයෙන් ඉවත්වන බවත් නැවත සිය එක්සත් ජාතික පක්ෂ
පක්ෂපාතිත්වය පෙන්වන බවත්

පාර්ලිමේන්තු සංකීර්ණයේදී දන්වා සිටියේය.
ඔහු අද උදෑසන ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස අසුන් ගත් අතර මහින්දට එරෙහි ඡන්ද විමසීමකදී මහින්දට පක්ෂ නොවන බවත් ස්වාධීන වන බවත් පමණක් කියා තිබුණි.
වසන්ත සේනානායක නව ස්තාවරය පැහැදිලි කිරීමට මාධ්‍ය වෙත පැමිණියේ එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සමගිනි.