ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීම සම්බන්ධයෙන් තමා ඉදිරිපත් කළේ නීතිඥ සංගමයේ මතය නොව තමාගේ
පෞද්ගලික මතයයැයි

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ.ආර්.ද. සිල්වා මහතා සඳහන් කරයි.
යු.ආර්. ද සිල්වා මහතා ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වේ.

පසුගිය කාල වකවානුව තුළ ශ්‍රී ලංකාවේ ඇති වූ ව්‍යවස්ථා අර්ථ නිරූපණය කිරීම සම්බන්ධ ගැටලුවලට අදාළව, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා ඡනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා ලෙස පැහැදිලිව හදුන්වා දෙමින් ඉදිරිපත් කළ මතයන් කිසිසේත්ම නීතිඥ සංගමයේ මතයන් නීතිඥ සංගමය වෙනුවෙන් කළ මතයන් නොව
මගේ වෘත්තීය දැනුම අනුව සිදුකළ පෞද්ගලික මතයන් බව අවධාරණයෙන් සඳහන් කර සිටිමි.
මේ ආකාරයට ප්‍රකාහයක් නිකුත් කිරීමට ඔහුට සිදුවූයේ සංගමයට අදාළ අනෙක් සාමාජිකයින් ඔහුගේ මත සම්බන්ධයෙන් විරෝධතා එල්ල කළ පසුව බව වාර්තාවේ.