අද (18) ඉරිදා සවස ජනපති ලේකම් කාර්යාලයේදී සර්ව පාක්ෂික හමුවක් කැඳවන්නට ජනපති තීරණය කර තිබේ. ඒ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවල නායකයින් අද ජනපති හමුවන්නට
නියමිතය. මේ සඳහා එජාපය නියෝජනය කරමින් රනිල් වික්‍රමසිංහටද ආරාධනය කර ඇත.

මතුව තිබෙන දේශපාලන අර්බුදය තවත් කල් නොයවා අවසන් කරලීම මෙම හමුවේ අරමුණ වීතිබේ.
ඔක්තෝබර් 26 ජනපතිගේ තීන්දුව සමග ඇරඹි මෙම ගැටලුකාරී වාතාවරණය ඔහු විසින්ම මේ ආකාරයට විසඳාලීමට තැත්දැරීම දේශපාලන අංශවල සංතෝෂයට හේතුවී ඇති

අතර මෙහිදී අගමැති ධූරය සම්බන්ධයෙන් අවසන් නිගමනයකට එළැඹෙනු ඇතැයි වාර්තාවේ.

මහින්ද රාජපක්ෂ අගමැතිට එරෙහිව පාර්ලිමේන්තුව තුළ විශ්වාසභංග දෙකක් ඉදිරිපත් කර තිබෙන අතර ඒවායේ විසඳුම නිවැරදි බව එජනිස හැර අනෙක් පක්ෂ තර්ක කර තිබේ. මෙම වාතාවරණය තුළ නැවත විශ්වාසභංග ඉදිරිපත් නොකරන බව එජාපය ඊයේ 17 දැනුම් දුන් අතර ඉදිරියට බහුතරය පිලිබඳ විමසීම් පමණක් සිදු කරන බවද දන්වන ලදි.

ජනපතිවරයා 17 දහවල් බහුතරය පෙන්වන්නට තමන් පැය 48 ක් ලබාදෙන බවට නිවේදනයක් කිරීමෙන් පසු මේ ආකාර රැස්වීමක් සූදානම් කර ඇත. අර්බුදය මතුවුණ කාලයේ මෛත්‍රිපාල ජනපතිවරයාගේ දැඩි විවේචනයට බඳුන්වූ රනිල් වික්‍රමසිංහ කලකට පසු ජනපතිට හමුවන්නේ අදයි.
රැස්වීම අද (18) ඉරිදා සවස 5 ට ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙනු ඇත.