රට තුළ සාධාරණ සමාජයක් ‍පිහිටුවීම වෙනුවෙන් ඇප කැප වී සිටියදී අපවත්වු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත
නායක හිමියන්ගේ තෙවන ගුණ අනුස්මරණය අද දිනට යෙදී තිබේ.

ඒ නිමිත්තෙන් නොවැම්බර් 8 බ්‍රහස්පතින්දා හවස 3 ට  එනම් අද දින කොළඹ නව නගර ශාලාවේදී
විශේෂ ගුණ සමරුවක් පැවැත්වීමට පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි ගුණ අනුස්මරණ පදනම කටයුතු සැලසුම්
කර ඇත.

එම පදනමේ සභාපති නීතිඥ රවී ජයවර්ධන මහතා ඊයේ  රාජගිරියේදී පැවැති මාධ්‍ය හමුවකදී සදහන්
කළේ කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන අංශයේ හිටපු මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා විසින් එම
සැමරුමේදී විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිත බවයි.

සෝභිත හිමියන් ප්‍රාර්ථනා කළ

ලෝකය යතාර්ථයක් බවට පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වන විට අන්
කවරදාකටත් වඩා අවධානයක් යොමුව තිබෙන බව පවසන නීතිඥ රවී ජයවර්ධන මහතා එහිදී ඉල්ලා සිටියේ
සාධාරණ සමාජයක්, ප්‍රාර්ථනා කළ සියලු දෙනාට එම ගුණ අනුස්මරණ උත්සවය හා එක්කාසු වන ලෙසයි.

සෝභිත හිමි තෙවන ගුණ සැමරුම ගාම්භිර ආකාරයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුන ද රටේ
දේශපාලන වාතාවරණය ව්‍යාකුල වීමත් සමගම සැලසුම් කළ ආකාරයට ඒ කටයුත්ත සිදු කිරීමට අපහසු වී
ඇති බව මාධ්‍ය හමුවට එක්වෙමින් සාධාරණ සමාජයක් සදහා වු ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු
මහාචාර්ය සරත් විජේසූරිය මහතා පෙන්වා දුන්නේය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරන බවට ලෝකයට පොරොන්දු දුන්නද ජනාධිපතිවරයාගේ විරුද්ධ වීම
නිසා එයද නතර වු බව අවධාරණය කළ සාධාරණ සමාජයක් සදහා වු ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු
වැඩිදුරටත් පෙන්වා දුන්නේ ජනවාරි 8 ජයග්‍රහණය වෙනුවෙන් සංවිධාන 49 ක් එකට එකතු වී කළ
කැපකිරීම ජනාධිපතිවරයා විසින් පාවා දුන් බවයි.

සෝභිත හිමියන් ප්‍රාර්ථනා කළ ලෝකය පිහිටුවීමට මූලිකත්වය ගත් ජනාධිපතිවරයාම එම සියලු අපේක්ෂා
සුණුවිසුණු කර ඇති පරිසරයක් තුළ උන්වහන්සේගේ තෙවන ගුණ සැමරුම පැවැත්වීමට සිදුව ඇති අතර එම
සැමරුමේදී ජනාධිපතිවරයා රටට කළ අවමානය ගැන පැවසීමට බලාපොරොත්තු වන බව සාධාරණ
සමාජයක් සදහා වු ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු මහාචාර්ය සරත් විජේසුරිය මහතා වැඩි දුරටත් කීය.