පාසල් යන දරුවන් සිටින රාජ්‍ය සේවකයන් වෙත එම දරුවන් පාසල් යෑමත් නැවත නිවෙස වෙත පැමිණීමත්
SMS පණිවිඩයක්
මගින් දැනුම් දීමේ ක්‍රමවේදයක් ඇරඹීමට රජයේ අවධානය යොමු වී ඇත. තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යාංශය මඟින් එම වැඩසටහන ක්‍රියාවට නැංවීමට නියමිතය. ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් දුරකථන ජාල සම්බන්ධතා ඇති රාජ්‍ය සේවකයන් වෙත එම පහසුකම් හිමි වන බවත්, ඒ සඳහා අවශ්‍ය දත්ත පද්ධතිය හා ක්‍රමවේද මේ වන විට සකස් කරමින් සිටින බවත් තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය සී.බී. රත්නායක මහතා පැවැසීය.
  -දෙනගම ධම්මික රණවීර-