ප්‍රවීණ මාධ්‍යවේදී රෝහණ වෙත්තසිංහ විසින් සිංහලයට නගන ලද 'ඒරගේ ලෝකය' කෘතිය පාඨකයන්ට
හඳුන්වාදීමේ සංවාද සභාව

නොවැ. 06 වැනි අගහරුවාදා ප.ව. 3.00 ට කොළඹ, මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
ඇමෙරිකානු ලේඛක ජිම් ෂෙපර්ඩ්ගේ 'ද බුක් ඔෆ් ඒරන්් නවකතාව පාදක කරගත් "ඒරන්ගේ ලෝකය' තුළින් කියැවෙන්නේ දෙවැනි ලෝක යුද සමයේ පෝලන්තයේ, වෝර්සෝ නගරයේ යුදෙව් ජනාවාස අතර ජීවිත සටනට මැදි වූ 8 හැවිරිදි දරුවකුගේ කතාවයි.
ආචාර්ය එඩ්වින් ආරියදාස, සම්මානලාභී පරිවර්තක චූලානන්ද සමරනායක, සියත විධායක අධ්‍යක්ෂ අනුර සිරිවර්ධන මෙහිදී දෙසුම් පවත්වති.
සාහිත්‍යවේදී සමුද්‍ර වෙත්තසිංහ සංවාද සභාව මෙහෙයවයි. "ඒරගේ ලෝකය' නුගේගොඩ සරසවි ප්‍රකාශනයකි.