මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යංශයෙන් ඉකුත් දා ප්‍රකාශයට පත්කළ සහන මල්ලට අයත් දුරකතන සේවා බද්ද අඩුකිරිම ඉකුත් 5 වැනිදා සිට ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව දුරකතන සේවා සඳහා පනවා තිබූ විදුලි
සංදේශ බද්ද සියයට 25 සිට

සියයට 15 දක්වා අඩු කිරිම නොවැම්බර් මස 5 වැනි දින සිට
ක්‍රියාත්මක කරන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට දැනුම් දී තිබූ බව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යශය කියයි.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඒ සම්බන්ධයෙන් දුරකතන මව් ආයතනවලට දැනුම් දිය යුතු වන බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.
සහන මිලට ඇතුළත් වන වැට් හා ඇතැම් බදු සංශෝධිත ලබන සතියේ දී කැබිනට් මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව එම අමාත්‍යාංශය පවසයි.