update 10.30 am
විශ්වාස භංගයකට ඉඩ දිය නොහැකි බවත් සභාව කල් තැබිය යුතු බවත්
සභාව තුළ දිගින් දිගටම ඝෝෂා කාරී තත්වයක් ඇතිවූ අවස්ථාවේ බහුතර බලය පිලිබඳ විමසීමට කතානායකට සිදුවූ අතර ඔහු දන්වා සිටියේ හඬ අනුව බහුතරය විමසිය හැකි බවයි. එම අවස්තාවේ වැඩි හඩක් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට නැති බව ඔහු දන්වා සිටියේය.ඒ අනුව විශ්වාස භංගය රජය පරාජය වන බවද කතානායක වරයා කියා සිටියේය.
කෙසේ වෙතත් ඇතිවූ තත්වය හමුවේ සභාව හෙටට කල් තැබීමට කතානායකවරයා තීරණය කළේය.
ඒ අනුව නැවත පාර්ලිමේන්තුව හෙට 15 උදේ 10 ට රැස්වේ.

  update 10.20 am
පාර්ලිමේන්තු රැස්වීම අද පෙරවරු 10ට ඇරඹිමෙන් පසු විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුව තුළ සාකච්ඡාවට ගැනීම සම්බන්ධයෙන් විවාදයක් හටගැනුණි.

එහිදී ඇමති විමල් වීරවංශ එයට ඉඩ දිය නොහැකි යයි විරෝධය පළ කළේය.
ඒ අනුව කතානායකවරයා දන්වා සිටියේ විශ්වාස භංගය විවාදයට ගන්නේද නැද්ද යන්න ඡන්ද විමසීමකින්
තීරණය කරමු යන්නයි. ඒ අනුව මේ වනවිට පාර්ලිමේන්තුවේ එම විවාදය සාකච්ධාවට ගන්නේද නැද්ද යන්න ගැන  විමසීමක් පැවැත්වීමට සූදානම් විය.
 ස්ථාවර නියෝග අනුව එවැනි ඡන්දයක් පැවැත්විය නොහැකි බව ආන්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කෑගසමින් සිටී.

update 10.10 am
පාර්ලිමේන්තුවට අලුතින් පත් කළ දිනේෂ් ගුණවර්ධන සභාව ආරම්භ කළ අවස්ථාවේ පාර්ලිමේන්තුව කල්තැබීමේ යෝජනාවක් කළ නමුත් කතානායකවරයා එයට විරුද්ධ විය. ජවිපෙ මන්ත්‍රීවරුන් දන්වා සිටියේ විශ්වාස භංගයක් ඉදිරිපත්ව ඇති අවස්ථාවක එසේ කළ නොහැකි බවය.
  update 10.00 am
අද පාර්ලිමේන්තු රැස්වීමට අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම පැමිණ තිබෙන බව පාර්ලිමේන්තුවෙන් ලැබෙන ආරංචි මගින් තහවුරු කර තිබේ.
මේ අතර අද ඡන්ද විමසීමක් පැවැත්වෙන්නේ නම් තමන් ස්වාධීන ලෙස සිටින බවත් ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකෙන බවත් එජාපයේ සිට මහින්දගේ ඇමති මණ්ඩලයට එක්වූ වසන්ත සේනානායක ප්‍රකාශ කර තිබේ.

update 9.30 am
අද (14) උදෑසන පැවැති පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහභාගීවූ අතර ඔවුන් සියල්ලන් අද පාර්ලිමේන්තු රැස්වීමට එක්වන ස්වරූපයක් පෙන්නුම් කෙරිණි
මේ අතර පාර්ලිමේන්තුවෙන් වාර්තාවන්නේ
අද නව සැසිය ආරම්භ කිරීමේ අවස්තාවට ජනපති

මෛත්‍රිපාල සිරිසේන පැමිණෙන්නේ නැති බවයි. සම්ප්‍රදායනුකූලව ජනපති පැමිණීම කළත් එසේ නොකර සැසියක් ආරම්භ කළ හැකි බව නීතිවේදීන් පෙන්වාදී තිබේ.
මේ අතර අද පැවති පක්ෂ නායක රැස්වීමේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් අගමැති මහින්ද රාජපක්ෂට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. එය න්‍යාය පත්‍රයට ඇතුළත් කරන ලෙස කතානායක කරු ජයසූරියට දන්වා ඇත.
පාර්ලිමේන්තු රැස්වීම පෙරවරු 10 ට ඇරඹීමට නියමිතය.