එංගලන්ත කණ්ඩායම් සමගින්  18දා මහනුවර පල්ලෙකදී නිමාව දුටු දෙවැනි ටෙස්ට් තරගයෙන් පරාජය ලැබීම සම්බන්ධයන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා තරගයෙන් අනතුරුව
පැවැති මාධ්‍ය හමුවේදී පැවසුවේ තමන් ශ්‍රී ලංකා කණ්ඩායම් භාරගෙන තවමත් මාස  10ක් පමණක් බවත්, ඉදිරි ලෝක කුසලාන  තරගාවලියේදී පැහැදිලි යමක් කිරීමට  සුදානම්ව ඇති බවය.

"එංගලන්තය සමඟින් පැවැති ටෙස්ට් තරගාවලියේදී තරග දෙකම අපිට

ජයගැනීමට අවස්ථාව තිබුණා. ඒ දෙකේදීම කාසියේ වාසිය පරාජය වීමත් අපට අවාසියක් වුණා.

ඉදිරියේදී අපට නවසීලත්ත, ඕස්ට්‍රේලියානු හා දකුණු අප්‍රිකානු තරගාවලි තුනක් තියෙන නිසා ක්‍රීඩකයන් තේරීමේදී යම් වෙනසක් වෙන්න පුළුවන්. කොහොම වුණත් අපේ පන්දු රැකීම එතරම් හොඳ  මට්ටමකක තිබුණේ නැහැ. අපි හැම විටම උත්සාහ ගන්නේ පන්දු රැකීම ඉහළම මට්ටමේ තබාගනීටයි.

 ඕනෑම ක්‍රීඩකයකුට මේ වගේ තණතීරුවල සෙල්ලම් කරන එක ලෙහෙසි නැහැ. මේ වසරේ ලකුණු 600කට ආසන්නව රැස්කරපු ක්‍රීඩකයන්  තිදෙනා අතර කුසල් ඉන්නවා. ඒ වගේම  එයා පසුගිය කාලේ තරගයේදීත් ලකුණු 45ක් ගැහුවා. නිරෝෂන් දික්වැල්ල කියන්නේ අපිට ඉන්න හොඳම කඩුලු රකින්නෙක්. එයා පිතිකරණය පැත්තෙන් තව ඉස්සරහට ඒවී.  කොහොම වුණත් අපිට හැකියාව තියෙනවා. ඒවා එළියට එම ප්‍රමාද වීමයි මෙතන වෙලා තියෙන්නේ .
මං තාම පුහුණුකරු වෙලා මාස 10යි. මට තව කල් ඕන. ඉදිරි ලෝක කුසලානය වෙනකොට මට පැහැදිලිව වෙනසක් ඇති කරන්න පුලුවන් බව විශ්වාසයි.'

-විචිත්‍ර වීරසීංහ-