කොටස් වෙළඳපොල දත්තවලට අනුව ඊයේ (01) දිනය නිමා වනවිට සියළු කොටස් මිල දර්ශකය සියයට 2.7
කින් ඉහළ ගොස් ඇති බව

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වාර්තා කරයි.
මෙලෙස 160 කින් ඉහළ යාම විශේෂත්වයකි. ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මේ වනවිට කලකට පසුව සියලූ කොටස් මිල දර්ශක අගය ඒකක හයදහස ඉක්මවා ගොස් ඇති බවයි.එය මේ වනවිට දැක්වෙන්නේ ඒකක 6122.76 ලෙසයි.

එක්සත් ඩොලරයක විකුණුම් මිල රුපියල් 177 සීමවා ඊයේ (01) දිනයේ දී ඉක්මවා ගොස් ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 173.4281 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 177.32 ක් ලෙසින් සටහන්වි තිබේ‍.