හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිද ගමන් කරමින් සිටි ජීප් රථයක් අද (07) උදෑසන හක්මන දෙනගම ප්‍රදේශයේ දී අත් ට්‍රැක්ටරයක හැපී තිබේ.

කෙසේ වෙතත් එම

අනතුරින් ගොඨාභය රාජපක්ෂ මහතාට හෝ ඔහුගේ බිරිද අනෝමා රාජපක්ෂට කිසිදු හානියක් සිදු වී නොමැත.
තුවාල ලැබූ ට්‍රැක්ටර් රියදුරා වෛද්‍ය ප්‍රතිකාර සඳහා වලස්මුල්ල රජයේ රෝහල වෙත ඇතුලත් කර තිබේ.
මැදමුලන නිවසේ පැවැත්වෙන දිවංගත ඩී.ඒ.රාජපක්ෂ මහතාගේ දානමය පිංකමට සහභාගී වීම සදහා කොළඹ සිට යන අතරතුරදී මෙම අනතුර සිදුව ඇත.
අනතුර සිදු වීමෙන් පසු ගොඨාභය හා බිරිය වෙනත් වාහනයකින් නිවසට පිටත් කර ඇති බවත් ජීප් රථය සහ අත් ට්‍රැක්ටරය වැඩි දුර පරීක්ෂණ සදහා පොලිස් භාරයට ගෙන රියදුරා සැක පිට අත් අඩංගුවට ගෙන ඇති බවත් වාර්තාවේ.