පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන ලබන 23 වන දා ,මහජන ගැලරිය සහ කථානායක විශේෂ ආරාධිත ගැලරිය වසා දැමීමට තීරණය කර තිබේ.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා

නිවුස්ෆස්ට් කළ විමසිමකදී සඳහන් කළේ, මහජනතාවට සහ තානාපතිවරුන්ට පාර්ලිමේන්තු සංකීර්ණයම තහනම් ප්‍රදේශයක් වනු ඇති බවයි.

මාධ්‍යවේදීන් සඳහා එදිනට සාමාන්‍ය පරිදි සියලු අවස්ථාවන් ලබාදෙන බව ඔහු ප්‍රකාශ කළේ ය.

ලබන සිකුරාදා පෙරවරු 10.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

මේ අතර පසුගිය දා පර්ලිමේන්තුව රැස් වූ අවස්ථා කිහිපයකදී සභාවේ ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් සිදුව ඇති අලාභ හානි තක්සේරු කිරීම අද ආරම්භ කෙරිණ.

ඒ අද පස්වරුවේ රක්ෂණ නිලධාරීන් පැමිණිමෙන් පසුවයි.

ඇති වු ගැටුම් සහගත තත්ත්වය සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි මත වැලිකඩ පොලිසියේ නිලධාරීන් ද පැමිණ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි, වේත්‍රධාරීවරයා පැවසී ය.