පොලිස් මූලස්ථානයේ පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසය මඟින් නිකුත් කරනු ලබන දෛනික නිවේදනය- 2018.11.21

‍ආගිය අතක් නොමැති පුද්ගලයන්

අච්චුවේලි
අච්චුවේලි, උතුර පාසල පාර ලිපිනයේ පදිංචි ජේ කුමාර් ශවලා යන අයගේ පුතා වන ජේ කුමාර් රදන් කුමාර් යන අය 2018.11.05 වන දින සිට ආගිය අතක් නොමැත. රූප විතර මෙසේය, පුරුෂ, වයස අවුරුදු 19යි, උස අඩි 05යි අඟල් 05යි, තලෙළු, සාමාන්‍ය සිරුර, කොණ්ඩය කොටට කපා ඇත. රැවුල හැඩට කපා ඇත. අවසන් වරට ඇද සිටි ඇදුම නොදනි.


රඹුක්කන
දොම්පේ මුල්ල, දළුගල, රඹුක්කන ලිපිනයේ පදිංචි වෙලගෙදර ආරච්චිලාගේ අනුර පෙරේරා නොහොත් රාජු යන අය 2018.11.19 වන දින සිට ආගිය අතක් නොමැත. රූප විස්තර මෙසේය, පුරුෂ, වයස අවුරුදු 48 යි, උස අඩි 05යි අගල් 03ක් පමණ, තලෙළු, සාමාන්‍යප සිරුර, කොණ්ඩය කොටට කපා ඇත. මුහුණේ දකුණු ඇහිබැම ලග තුවාල කැළලක් ඇත. අවසන් වරට ඇද සිටියේ කොළ පැහැති අත් දිග ෂර්ට් එකක් සහ කහ සහ නිල් පැහැති ඉරි සහිත සරමකි.

කොටහේන
අංක 51/01, ඩි 13, මෙත්‍රී බෝධිරාජ මාවත,

කොළඹ 13 ලිපිනයේ පදිංචි වෙචමින් වේලයියා යන අය 2018.01.18 වන දින සිට ආගිය අතක් නොමැත. රූප විස්තර මෙසේය, පුරුෂ, වයස අවුරුදු 47යි, තරමක් සුදු පැහැති කොණ්ඩය උඩට කර පීරා ඇත. උඩු රැවුල හා යටි රැවුල සාමාන්‍යයෙන් වවා ඇත. මුඛයේ උඩ ඇඳේ ඉදිරි දතක් වැටි ඇත. අවසන් වරට ඇද සිටියේ සුදු පැහැති කමිසයක් සහ නිල් පැහැති කොටු සහිත සරමකි. රාජකඩිය පොකුණ, බුත්තල ලිපිනයේ පදිංචි දොන් නාලගේ අනුෂ් කුමාර පෙරේරා යන අය 2018.01.15 වන දින සිට ආගිය අතක් නොමැත. රූප විස්තර මෙසේය, පුරුෂ, වයස අවුරුදු 51යි, උස අඩි 05යි අඟල් 06ක් පමණ, තලෙළු සිරුර, කොණ්ඩය

බුන්තල
කොටට කපා උඩට කර පීර ඇත. හිස පිටුපස සුව වු කැපුම් තුවාල කැළලක් ඇති අතර බෙල්ලේ සුව වු තුවාල කැළලක් ඇත. අවසන් වරට ඇද සිටි ඇදුම නොදනි.

දඹගල්ල
කොලොන්නන්ද, ගබොක්ක, දඹගල්ල ලිපිනයේ පදිංචි මනම්පේරි හෙට්ටිආරච්චිලාගේ ප්‍රදීප් උයද කුමාර යන අය 2018.11.17 වන දින සිට ආගිය අතක් නොමැත. රූප විස්තර මෙසේය, පුරුෂ, වයස අවුරුදු 28යි, උස අඩි 5යි අගල් 04යි, තලෙළු, සාමාන්‍ය සිරුර, කොණ්ඩය කොටට කපා උඩට කර පීරා ඇත. අවසන් වරට ඇද සිටියේ රතු පැහැති ටී ෂර්ට් එකක් සහ කළු පැහැති ඩෙනිම් කලිසමකි.

නාඳුනන මළ සිරුරු

දෙමටගොඩ
අංක 29|26, ධෛලයන් මාවත, දෙමටගොඩ, කොළඹ 05 ලිපිනය ඉදිරිපිට නාඳුනන පුද්ගලයකු මිය ගොස් ඇත. මෘත ශරිරය හදුනාගැනිම සදහා මෙතෙක් කිසිදු ඥාතියෙකු ඉදිරිපත් වී නොමැති අතර මෘත ශරීරය කොළඹ අධිකරණ වෛද නිලධාරි කාර්යාලයේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. රූප විස්තර මෙසේය, පුරුෂ, වයස අවුරුදු 38-40ක් පමණ,

උස අඩි 05යි අගල් 04ක් පමණ, කොණ්ඩය අගල් 2 1/2ක් දිගට වවා ඇත. දිගටි මුහුණ, උඩු කයට රතු පැහැති අත් කොට ටී ෂර්ට් එකක් සහ යටි කයට කොළ පැහැති දිග කලිසමක් ඇද සිටි.

කොල්ලුපිටිය
2018.11.19 වන දින කොල්ලුපිටිය පොලිස් වසමේ අංක 562, ගාලුපාර, කොළඹ 03
ලිපිනයේ කෝප් මිස්කි බාර් ඉදිරිපිට පාරේ නාදුනන පුද්ගලයකු මිය ගොස් ඇත. මරණකරුගේ සතයේ තිබ් වෙදප වාර්තාවකට අනුව මොහු මොහොමඩ් නිසාදින් ලෙස සොයා ගෙන ඇති නමුත් මෙම මෘත ශරීරය හදුනා ගැනිම සදහා මෙතෙක් කිසිදු ඥාතියෙකු ඉදිරිපත් වී නොමැත. මෘත ශරිරය හදුනා ගැනිම සඳහා කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. රුප විස්තර මෙසේය, පුරුෂ, වයස අවුරුදු 60-65ක් පමණ, උස අඩි 05යි අඟල් 06ක් පමණ, තලෙළු, සාමාන්‍යප සිරුර, මුහුණ පුරා රැවුල වවා ඇත. කොණ්ඩය අඟල් 04ක් පමණ දිගට වවා ඇත. උඩු කයට සුදු පැහැති අත් කොට කමිසයක් සහ යටි කයට රතු සහ කහ පැහැති ඉර සහිත සරමක් ඇද සිටි.

බම්බලපිටිය
2018.01.17 වන දින බම්බලපිටිය පොලිස් වසමේ දුම්රිය ස්ථානය පිටුපස මුහුදු තිරයේ නාදුනන පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් හමු වී ඇති අතර මෘත ශත්රය හදුනාගැනිම සදහා මෙතෙක් කිසිදු ඥාතියෙකු ඉදිරිපත් වී නොමැති බැවින් මත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. රූප විතර මෙසේය, පුරුෂ, වයස අවුරුදු 35-40ක් පමණ, උස අඩි 05යි අගල් 04ක් පමණ, තලෙළු හොදින් වැඩුණු සිරුර, උඩු කයට නිල් පැහැති පසුබිමේ සුදු පැහැති මල් සහිත කමිසයක් සහ යටි කයට කළු පැහැති දිග කලිසමක් ඇද සිටි.