113ට එහා ගිය පාර්ලිමේන්තුවේ බහුතරයක් පෙන්වීමට ඉදිරි දින 5 තුළ දී ආණ්ඩුවට හැකියාව පවතින බව
අමාත්‍ය එස්.බී. දිසානායක පවසයි.
අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඊට අදාළ කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක බවයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උපදෙස් මත  ආණ්ඩුවට එරෙහිව පවතින අභියෝගවලට මුහුණදීම සඳහා විශේෂ මෙහෙයුම් කමිටු 7ක් පත් කර තිබෙන බවත්මේ වන විටත් සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇති බවත් ආණ්ඩුව ස්ථාවර කිරීමේ කමිටුව, පිරිස වැඩි කර ගැනීමේ කමිටුව, මාධ්‍ය කමිටුව, නීති කමිටුව හා සමාජජාල කමිටුව ආදී වශයෙන් මෙහෙයුම් කමිටු 7ක් ඊට අයත් බවද දින 5 ක් තුළ පිරිස වැඩි කර ගැනීමේ කමිටුව සිය ඉලක්කය සපුරනු ඇති බවද ඔහු පවසයි.