අද 9 රාත්‍රී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු භාරකාර රජයක් ලෙස රට පාලනය කිරීමේ වගකීම පසුගිය දිනවල කඩින් කඩ පත්කළ ඇමතිවරුන්ට හිමිවනු ඇත.
මේ වන විට කැබිනට් මණ්ඩලය

29 දෙනෙකු පත් කර ඇති අතර මැතිවරණයකින් පසු නව කැබිනට් මණ්ඩලයක් පත් වන තෙක් එ් අය ක්‍රියාත්මක වනු ඇත. කෙසේ වෙතත් පාර්ලිමේන්තු විසුරුවාහැර ඇති අවස්තාවක නව පත්වීම් සිදු කිරීම වලංගු නැත.
මහමැතිවරණය කැඳවීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයාට ජනපති දන්වා යැවීමෙන් පසු ඉදිරි දිනවලදී අදාළ පියවර ගනු ඇත.
දේශපාලන ආරංචි සඳහන් කරන්නේ නව පාර්ලිමේන්තුවක් සඳහා මන්ත්‍රීවරුන් තෝරාගැනීම සඳහා මහමැතිවරණය 2019 ජනවාරි මස මුල් සතියේ පැවැත්වෙනු ඇති බවයි.
ජනවාරි 5 වනදා මහමැතිවරණය පැවැත්වෙනු ඇති බවත් නාමයෝජනා කැඳවීම ලබන නොවැ 19 සිට 26 තෙක් සිදුවනු ඇති බවත් වාර්තා විය.