පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ඇති වු නොසන්සුන්කාරී තත්ත්වයට කථානායකවරයා වගකිව යුතු බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

අද(15) පාර්ලිමේන්තු සංකීරණයේදී අදහස් දක්වමික් ඒ මහතා මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තුව සභා ගර්භය තුළ නොසන්සුන්කාරී තත්ත්වය ඇති වූයේ කථානායකවරා පුටුවේ රැදී සිටීම හේතුවෙන් බව ඒ මහතා පෙන්වා දුන්නේය

කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව කල් දමා  කථානායක අසුනෙන් ඉවත්ව ගියේ නම් මෙවැනි තත්ත්වයක ඇති නොවන බව ඒ මහතා වැඩි සඳහන් කළේය.


මෙ අතර යම් කිසි ආකාරයකින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් තියුණු ආයුධද රැගෙන සභා ගර්භය වෙත පැමිණ සිටි බව දයාසිරි ජයසේකර මහතා පැවසීය.

කථානායක කරු ජයසූරිය මහතා විහිලු සහගත ලෙස කටයුතු කරන බව අමාත්‍ය  උදය ගම්මන්පිල මහතා පවසයි.

ඊයේ දිනයෙදී මෙන්ම අද දිනයේදි කථානායකවරයා ස්ථාවරය වෙනස් වී ඇති බවත් කථානායකවරයාගේ හැසිරීම ගැටලු සහගත බවත් ඔහු පැවැසීය.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරු දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත් විපක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනෙක් පිහි රැගෙන සභාවට පැමිණ ඇති බවට තොරතුරු ඇති බවත් ඔහු පැවැසීය.