මාතර-ඇළවේල්ල ප්‍රදේශයේදි පිහියකින් ඇන සිසුවෙකු ඝාතනය කළ සැකකරු මේ වන විට මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබේ.
 අවුරුදු 17 ක් වන ජාතුං කංකානම්ගේ සිතිජ සෞන්දර්ය නමැති මෙම සැකකරු 26 වන අද දින මාතර අතිරේර්ක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්වීමෙන් අනතුරුව දෙසැම්බර් 03 වන දින දක්වා සතියක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. මෙම සැකකරුගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා පොලීසියට
අවසර ලබා දී ඇත.
මාතර ඇළවේල්ල හරස් මාර්ගයේදී පෞද්ගලික උපකාරක පංතියකට යමින් සිටි පාසල් සිසුන් පිරිසකට තවත් පාසල් සිසුන් පිරිසක් පසුගිය 24වනදා කළ පහරදීමක් අතරතුර පිහි ඇණුමකට ලක් වූ 19 හැවිරිදි සිසුවෙකු ජීවිතක්ෂයට පත් වූ අතර එය සිදු කර ිතබුනේ මෙම සිසුවා බවට සීසීටීවී සාක්ෂිද ලැබී තිබුණි.
මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ
ජීව විද්‍යා අංශයේ ඉගෙනුම ලැබූ රවිඳු ගිම්හාන් නැමති සිසුවෙකි.
ඝාතනය සිදු කළ පිරිස ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිටි අතර මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 05ක් විවිධ ප්‍රදේශ වලට යොමු කර තිබු බවද වාර්තාවී තිබුනි. ප්‍රදාන සැකකරුගේ පියාව අත්අඩංගුවට ගෙන පොලිස් භාරයේ තබන්නට පොලිසිය මේ අතර කටයුතු කළේය.
අද (26) එම ප්‍රධාන සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූයේ එයින් පසුවය.
මෙම ඝාතනය සඳහා පැමිණි තවත් සැකකරුවෙකු වන වයස අවුරුදු 17 ක් වන කුෂාන් නිම්නජිත් සමරසිංහ දිසානායක යන අය මාතර පොලිස් අධිකාරී කාර්යාලයට ඉදිරිපත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.
අපරාධය සඳහා යොදා ගත් යතුරුපැදිය මාතර – වෙලේ වත්ත ප්‍රදේශයේ දමා ගොස් තිබියදි ඊයේ (25) පොලිසිය විසින් සොයාගෙන ඇත.
මාතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.