ලබන වසර තුළ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමට කටයුතු කරන බව
ජාත්‍යන්තර වෙළඳ

කටයුතු හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ලබන වසර මුල රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය රුපියල් 160ක මට්ටමේ පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බවයි.
ජනහමුවකට එක්වෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා අද (25) මෙම අදහස් පළ කළේය.
'අයවැය ඉදිරිපත් කරලා 160 දක්වා පළමු අවුරුද්දෙත් 140 දක්වා දෙවන අවුරුද්දෙත් අපට අඩුකරන්න හැකිවෙන බවට සහතිකයක් අද මං දෙනවා' බන්දුල වැඩිදුරටත් කීය.