අද පාර්ලිමේන්තුවේදී තේරීම් කාරක සභාව තෝරා පත්කර ගැනීම සඳහා පැවති ජන්ද විමසීම ඉලෙක්ට්‍රෝනික
ක්‍රමයට පවත්වනු ලැබීය. එහිදී

ඡන්දය විමසීමට පෙරම ආණ්ඩු පක්ෂ කණ්ඩායම ඉවත්වූ අතර පාර්ලිමේන්තුවේ සිටි විපක්ෂයේ සියලු දෙනා ඡන්දය ලබාදී තිබුණි.
 මෙම ජන්ද විමසීමේදී අදාළ යෝජනාවට පක්ෂව ජන්ද 121ක් ලැබී තිබුණි.නමුත් පසුගිය දින වලදී එක්සත් ජාතික පෙරමුණ සඳහන් කළේ විපක්ෂයට 122ක් සිටින බවය.ඒ අනුව ජන්දය ලබා නුදුන් එක් අයකු සිටින බව හෙලිවෙයි.
එසේ කළේ කවුරුන්ද යන්න සොයා බැලීමේදී ඒ  චතුර සේනාරත්න බව හෙලිව ඇත.  අද පැවති ජන්දයට ඔහු සිය ජන්දය භාවිතා කර නැති බව තහවුරු විය.