විවාහක දියණියක හා තවත් දරුවන් දෙදෙනකු සිටින හැඬිගල්ල, බොල්ලුන්න ප්‍රදේශයේ තැනැත්තියක් අකරැස්සේ තරුණයකු සමග හොර රහසේ ගොස් ඇතැයි ඇයගේ සැමියා බදුරලිය පොලිසියට පැමිණිලි කර ඇත. ටික දිනක් ගතවත්ම බදුරලිය පොලිසියට පැමිණි කාන්තාවක් තරුණයෙකු පෙන්වමින් මේ තමාගේ
සැමියා බවත් තමාට අයිති වැදගත් ලියවිලි ගොනුවක් තම අයියා සතුව ඇති බවත් ඒවා තමාට ලබාගැනීමට අවශ්‍ය බවත් කියා සිටියාය. තමාගේ විවාහය හේතුවෙන් අයියා තමා සමග අමනාපයෙන් පසුවන බවද ඇය කීවාය. ඇයගේ නම විමසු විට ඇය කියා සිටියේ තමා "රේණුකා" බවයි.

අදාළ කාත්තාව සම්බන්ධයෙන් බදුරලිය පොලිසියේ නිලධාරීන්ට මුල සිටම තිබුණි කිසියම් සැක සහිත බවකි. තම බිරිය වෙනත් අයකු සමඟ පැනගිය බවට බොල්ලුන්න ප්‍රදේශයේ අයකු ටික දිනකට පෙර කළ පැමිණිල්ල ගැන ඔවුන්ට සිහිපත් විය. ඔවුන් ඇයගේ ජාතික හැඳුනුම්පත ඉල්ලා සිටි විට

ඇය එය ලබාදීමට අකැමැත්තක් දැක්වූ අතර පසුව එය ගෙන පරික්ෂා කිරීමේදී ඇයගේ නම රේණුකා නොව යසවතී බව එහි සටහන්ව තිබෙනු දක්නට ලැබිණි. බිරිය පැන ගිය බවට පැමිණිලි කළ තැනැත්තා පොලිසියට කැඳවන්නේ මේ අතරතුරදීය. ඒ තමාගේ බිරිය අකුරැස්සේ අයකු සමග පැන ගොස් ඇති බව කි අයයි.

ඔහු දකිත්ම යසවතී දැඩි ලෙස කලබල වුවාය. එයටත් වඩා කලබල වූයේ අකුරැස්සේ තරුණයාය. තමා පණ මෙන් ආදරය කරමින් මෙතුවක් කල් එකට ජීවත්ව ඇත්තේ විවාහක තුනිදරු මවක සමඟ බව ඔහු දැන ගත්තේ
එවිටය. අනියම් සබඳතාවලට යොමු වී පවුල් ජීවිත අවුල් කරගැනීමෙන් අපහසුතාවට පත්වන්නේ දරුවන් බවත් විශේෂයෙන් විවාහක දියණියක සිටින මවක් ඊට වඩා වගකීම් සහිතව වැඩකළ යුතු බවත් අතීත සිද්ධි අමතක කොට නැවත සතුටින් සමගියෙන් පවුල් ජිවිතය ගතකරන ලෙසත් යසවතිටත් ඇයගේ සැමියටත් පොලිසියෙන් උපදෙස් ලැබිණි.

ඒ අනුව යසවති යළි තම සැමියා සමග එකට ජීවත්වන්නට පොරොන්දු වෙමින් පොලිසියෙන් පිටවීමට සුදනම් වෙද්දී “මෙන්න ඔයාගේ බැංකු පොත” යැයි කියමින් අකුරැස්සේ තරුණයා යසවතිට යමක් දීමට උත්සාහ කළේය. එය අතට ගත්තේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාය. එහෙත් එය බැංකු පොතක් නොව ඔහුට ඇමතිය හැකි දුරකථන අංකය සඳහන් කොළ කෑල්ලකි. සුළු පැවිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා එය ළග  තබාගත්තේය. බදුරලිය පොලිස් ස්ථානාධිපති පො.ප. වනිගතුංග මහතාගේ උපදෙස් මත සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති පො.ප. එස්.ඒ.ජී.එන්. විජේතුංග මහතා ඇතුළු නිලධාරීන් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

-සිරි ගමඇතිගේ-