ශ්‍රී ලංකා-එංගලන්ත ටෙස්ට්, එක්දින හා විස්සයි-20 තරගාවලියේ එක්දින ක්‍රිකට් තරගාවලිය අද (10දා) සිට ආරම්භ වන අතර, මෙම සියලුම තරගවල මෙරට විකාශන අයිතිය එම්.ටී.වී. මාධ්‍ය ජාලයට හිමිව ඇත.



එහිදී දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු හා දෙවැනි එක්දින තරග අද (10) හා 13 වැනිදා දඹුල්ල ක්‍රීඩාංගණයේදීත්, තෙවැනි හා සිවුවැනි එක්දින තරග පිළිවෙළින් 17 වැනිදා හා 20 වැනිදා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදීත් පැවැත්වෙන අතර, අවසන් එක්දින තරගය 23 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදීත් ආරම්භවීමට නියමිතව ඇත.


ඉන් අනතුරුව දෙරට අතර පැවැත්වෙන එකම විස්සයි-20 තරගය ඔක්තෝබර් 27 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වෙන අතර, තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 6 වැනිදා සිට ආරම්භවීමට නියමිතය.

ඒ අනුව මෙහි සියලුම තරග සිරස ටී.වී. හා ටී.වී. වන් නාළිකා ඔස්සේ සජීවීව නැරඹීමට මෙරට ක්‍රීඩාලෝලීන්ට අවකාශය හිමිව තිබේ.
අද තරගය 2.30 ට ඇරඹේ

England Probable XI:
Jason Roy, Jonny Bairstow, Joe Root, Eoin Morgan, Ben Stokes, Jos Buttler, Moeen Ali, Liam Dawson, Sam Curran, Chris Woakes, Mark Wood

Sri Lanka Probable XI:
Niroshan Dickwella, Kusal Perera, Upul Tharanga, Dinesh Chandimal, Dhananjaya De Silva, Dasun Shanaka, Thisara Perera, Akila Dananjaya, Lakshan Sandakan, Lasith Malinga, Nuwan Pradeep