ඌරුබොක්ක, ගින්නැලිය ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් උපකාර පන්ති යැමට යැයි පවසා  නිවසින් පිටව මාතර මුහුදු වෙරළේ රැඳී සිටි අවස්ථාවේ පොලිසියෙන් යැයි පවසා ඇය රැගෙන ගොස් දූෂණය
කළ බවට පවසමින්

මාතර මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත. තමා ගණිත පන්තියට යන බව පවසා ඌරුබොක්කේ සිට මාතර පැමිණි බවත් එලෙස පැමිණ මාතර වෙරළ තීරයේ සිටි බවත් පුද්ගලයකු පැමිණ ඔහු පොලිසියෙන්  බව පවසා වහාම පොලිසියට එන ලෙස පවසමින් දැරිය රැගෙන ගොස් ඇත.

එහෙත් මාතර පොලිසියත් පසුකර තමා රැගෙන ගිය බවත් එලෙස රැගෙන ගිය ස්ථානය තමා නොදන්නා බවත්, පසුව ඔහු තමා දූෂණය කළ බවත් ඇය පැමිණිලි කර තිබේ. වින්දිත දැරීය මාතර මහ රෝහලට ඇතුළත් කර ඇත. මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරී පී.එච්. මාරපන මහතාගේ උපදෙස් මත මාතර මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එච්.ආර්. ධම්මික අමරසේන මහතාගේ මූලිකත්වයෙන් පරීක්ෂණ සිදුකරයි.


-උදය කුමාර රණවීර-