ඊයේ 26 සවස සිදුවූ දේශපාලන පෙරලියෙන් පසු ලබන සඳුදා (29) නව ඇමති මන්ඩලයක් දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි හෙලි කරයි. එහිදී ඇමති මන්ඩලය 25 කට අඩු කර ජනතා ප්‍රසාදය
දිනාගතහැකි නව සැකැස්මක් යෝජනාවී ඇති අතර

මහින්ද පිලට අයත් ඒකාබද්ධයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් 15 කට නව ඇමතිකම් ලබාදීමට සූදානම් බව ආරංචි වාර්තා කරයි.
මේ අතර ඉතිරි 10 දෙනා එජාපයෙන් කැඩී එන හා ශ්‍රීලනිපයේ පිරිස් වනු ඇතැයිද දැනට සාකච්ඡා සාර්ථකවූ එජාප ඇමතිවරුන්ගේ විෂය පථ වෙනස් නොකර ඇමති තනතුරු වලට පත්කිරීමේ යෝජනාවක් පවතින බවද සැලවේ.
මේ අතර දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන පිරිස ශක්තිමත් රජයක් පවත්වායාමට ප්‍රමාණවත් නොවන නිසා ඉක්මනින් මහමැතිවරණයකට යාමට මහින්ද මෛත්‍රී සැලසුමක් පවතින බවත් එය බොහෝ දුරට මාස 3 කින්  පමණ 2019 ජනවාරි අග සිදුවිය හැකි බවත් වාර්තාවේ.