ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මගින් වාර්ෂිකව පවත්වනු ලබන 'සෞඛ්‍ය තොරතුරු සන්නිවේදනයෙහිලා වසරේ විශිෂ්ටතම ජනමාධ්‍යවේදී සම්මානය' උපාලි පුවත්පත් සමාගමේ
සතිපතා කාන්තා

පුවත්පත වන “නවලිය' පුවත්පතේ ප්‍රධාන කර්තෘ හරින්දී ලියනගේට හිමි විය.
2017 වසරේදී ද මෙම සම්මානය හිමි වූයේ ඇය විසින් රචිත වෛද්‍ය ලිපියකටය.
මෙම සම්මාන ප්‍රදානෝත්සවය කොළඹ 07, විජේරාම මාවතේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ශ්‍රවණාගාරයේදී 18 වැනිදාරාත්‍රියේ සිදු විය. එහි ප්‍රධාන ආරාධිතයා
ලෙස පසුගිය වසරේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපතිනී මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න මහත්මිය සහභාගි වූවාය. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ වර්තමාන සභාපති
වෛද්‍ය රුවයිස් හනීෆා මහතා අතින්  සම්මානය ලබා ගත් අයුරු ඡායාරූපයෙන් දැක්වෙයි. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ලේකම් වෛද්‍ය හසිනි බන්නැහැක මහත්මිය ද මෙහි සිටී.
පින්තුර - ජූඩ් ඩෙන්සිල් පතිරාජ