එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී ඊයේ (13) පැවැත්වුනු දෙවැනි එක්දින තරගයේ ජය එංගලන්ත කාණ්ඩයම හිමි විය.ෙඒ ඩක්වර්ත් – ලුවිස් ක්‍රමය අනුවයි‍

තරගයට වාර්ෂාවෙන් බාධා ඇතිවන විට ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 29 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 140 ක් ලබා සිටියේය
ඩක්වර්ත් – ලුවිස් ක්‍රමය අනුව තරගය ජයගැනීමට නම් ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 171 ක් රැස්කළ යුතුව තිබිණ.

ඒ අනුව එංගලන්ත කණ්ඩායමට ජය හිමි විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම ඕවර 50 ක් අවසානයේදී කඩුලු 9 ක් දැවී ලකුණු 278 ක් ලබාගත්තේය.
ලසිත් මාලිංග ලකුණු 44 කට කඩුලු 5 ක් දවාගැනීමට සමත් විය.