බස්නාහිර කලාපීය සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය යටතේ තවත් දුම්රිය මාර්ග තුනක් ඉදිකරන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය පවසයි.
කඩුවෙල සිට එක් සැහැල්ලු දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට මේ වන විටත් සැලසුම් කර ඇති අතර. ඊට අමතර
මෙම දුම්රිය මාර්ග තුන

ඉදිකෙරෙන බව අමාත්‍යාංශය සඳහන් කරයි.
රාගම, කඩවත, කොළඹ කොටුව හරහා කිරුළපන දක්වා කිලෝමිටර 33ක දිගින් යුත් "රක්ත මාර්ගය"
කැලණිය බොරැල්ල, පිළියන්දල හරහා මොරටුව දක්වා කිලෝමීටර 28.3ක දිගින් යුත් "හරිත මාර්ගය" සහ හුණුපිටිය, අංගොඩ, කොස්වත්ත හරහා කොටා දක්වා කිලෝමීටර 22. 3ක දිගින් යුත් "නීල මාර්ගය" මෙසේ ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ඒ සඳහා වන යෝජනාවලට ඉල්ලීම් නිකුත් කිරීම සඳහා මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමි වී තිබේ.

(ඩයනා උදයංගනී)