අක්‌මීමන - කුරුන්දකන්ද ජනපදයේ වැසියන්ට ඉමහත් පීඩාවක්‌ ගෙන දෙන විෂ සහිත කළුකූඹි විශේෂයක්‌ ශීඝ්‍රයෙන් බෝවී යන බවට වාර්තා වේ.

ගෙවල් තුන්සියයක පමණ ප්‍රදේශයක මේ කෘමි උවදුර දැකිය හැකියි. මේ කූඹි විශේෂය ගස්‌වල
අතුවල කූඩු සාදාගෙන ජීවත් වෙති. දැනට අවුරුදු පහකට පමණ පෙර මෙම සත්තු හිටි බවත් පසුව වඳවී ගිය බවත් දැන් නැවතත් එදාටත් වඩා අද දක්‌නට හැකි බවත් ගම්වාසීහු කියති.

කුරුන්දකන්දේ ඩී. එල්. චන්දන තම ගෙවත්තේ ගස්‌වල සිටින මේ කූඹි විශේෂය අපට පෙන්වමින් මෙසේ කීවේය.

‘අඹගෙඩියක්‌ රඹුටන් ගෙඩියක්‌ කෙසෙල් කැනක්‌ නොවේ ගෙවත්තේ වගාවක්‌ වත් කරගන්න විදියක්‌ නැහැ. ගහකට කෙනෙක්‌ යවලා පොල් ගෙඩියක්‌ කඩා ගන්න බැහැ. පොල් ගස්‌වලත් මේ විෂ සහිත සත්තු.‘

එම්. ජී. මුදිතා මහත්මිය කියා සිටියේ
 ‘ගේ ඇතුළෙත් මේ විෂ සහිත සත්තු. ළමයි කාල ඇඟේ තුවාල රෑට නිදාගන්න විදියක්‌ නැහැ. මදුරු දැලක්‌ එල්ල ගන්න බැහැ මදුරුවන්ට වඩා විෂ සහිත කූඹි විශේෂයක්‌ කෑමක්‌ හදාගන්න බැහැ.මේ ජරා සත්තු නිසා‘
රසාංගික සමීර මහතා තම දරුවාගේ තුවාලවලට ප්‍රතිකාර කරන බව කීවේය.
‘ඇඳුමක්‌ වේළගන්න විදියක්‌ නැහැ. රෙදිවැල් දිගේ කූඹියෝ උන්ගේ විෂ සහිත දළයක්‌ තියෙනවා. කෑවම ගෙඩියක්‌ වගේ හැදෙනවා. අපි කූඹි වඳකරන්න රසායනික දේවල් ඉහිනවා. නමුත් ඉවර කරන්න බැහැ ඒ තරමටම බෝවෙනවා.‘

ටියුරින් පවිත්‍ර යන අයද තම අත්දැකීම් විස්‌තර කරමින් මෙසේ කීය.
‘අපට දැන් කූඹියන්ට ගෙවල් භාරදීල යන්නයි සිදු වී තියෙන්නේ. මේ කූඹින්ට මේ ප්‍රදේශයේ අය කියන්නේ කාකයෝ කියලයි.
 ඉතාමත් දුෂ්කර ගම්බද ප්‍රදේශයක්‌ වන මේ ප්‍රදේශයේ කුඩා දරුවන් ඇතුළු විශාල ජනතාවක්‌ මේ කාකයන්ගෙන් පීඩා විඳීනවා තවදුරටත් බෝවී යෑමට පෙර මෙම සත්තු වඳකර නොගත්තොත් කුරුන්දකන්දට පමණක්‌ නොවේ. අවට ගම්වලටද මේ කූඹින් ව්‍යාප්ත විය හැකිය. එක කූඹිකූඩුවක දහස්‌ ගණනක්‌ මේ කූඹියන් දැකිය හැකිය. මේ ප්‍රදේශයේ සෑම ගෙවත්තකම ඇති ගස්‌වල මේ කූඹින් කුඩු සාදාගෙන ජීවත් වෙනවා.‘

 - කේ. මතිලාල් - රවීන්ද්‍ර චන්ද්‍රලාල්