දකුණු පළාත් ප්‍රබල පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ ගෝලයකු බව කියන බණ්ඩාරගම ගම්මන්පිල ප්‍රදේශයේ පදිංචි රණසිංහ ආරච්චිගේ අසිත නොහොත් බණ්ඩා (32) නමැති පුද්ගලයකු සහ පොලිස් සංවිධානාත්මක අපරාධ විමර්ශණ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් අතර ඔරුවල වානේ සංස්ථාව
ආසන්නයේදී ඊයේ (04) දහවල් සිදුවූ වෙඩි හුවමාරුවක දී බණ්ඩා නමැත්තා පොලිස් වෙඩිකා බරපතළ තුවාල ලබා ඇත.. ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලිස් මූලස්ථානය කියයි.
පාතාල සාමාජිකයා එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයෙන් වැටලීමට ගිය පොලිස් නිලධාරීන්ට හානියක් සිදුවී නොමැත.
පොලිසියට වෙඩි තැබීමට යොදා ගත් ගිනි අවිය ද එම ස්ථානයේ තිබී පොලිසිය බාරයට ගෙන ඇත 
පොලිසි ගණනාවකට අවශ්‍ය කරන පාතාල සාමාජිකයකු ඔරුවල ප්‍රදේශයේ සැරි සරන බවට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට

අනුව දින ගණනාවක් තිස්සේ එම ප්‍රදේශයේ සැරි සරමින් සිදුකළ සෝදිසි කිරීමෙන් අනතුරුව ඊයේ (04) එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා යාමේදී ඔහු පොලිස් නිලධාරින්ට වෙඩි තැබිමට උත්සාහ කර ඇතැයි පොලිසිය කියයි.
එම අවස්ථාවේ දී පොලිස් නිලධාරින් ප්‍රතිප්‍රහාර එල්ල කිරිමේදී බරපතළ තුවාල ලද එම පාතාලයේ අපරාධකරු ඔරුවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඈතුළත් කළ බව ඔරුවල රෝහලේ ප්‍රකාශකයෙක් පැවසිය.
එම පුද්ගලයා මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය. විදේශගතව සැඟවී සිටින මාකඳුරේ මධුෂ් නමැත්තාගේ ගෝලයකු වන මෙම පුද්ගලයා රත්නපුර මැණික් ව්‍යාපාරිකයකුට හා ඉකුන්දා මාතර සිදුවූ රන් භාණ්ඩ කාල්ලයේ වෙඩි තැබීමට සමිබන්ධ වූවකු බව පොලිස් පරික්ෂණවල දී අනාවරණය විමෙන් පසු මොහු අල්අඩංගුවට ගැනීම සඳහා සොයමින් සිටිය දි මෙම සිද්ධිය වූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
මීට මාසයකට පමණ ඉහත දී මෙම පුද්ගලයා පදිංචිව සිටි බණ්ඩාරගම ගම්මන්පිල නිවස වැටලූ පොලිසිය එහිදී ටී 56 ගිනි අවියක් හා උණ්ඩ ද සොයා ගැනීමට සමත්විය. හිසට වෙඩි වැදිමෙන් බරපතළ තුවාල ලද පාතාල සාමාජීකයා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතීකාර ලබන බව කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයක් පැවසීය.
අතුරුගිරිය පොලිසියේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

(බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ, ශ්‍රීනාත් ප්‍රසන්ත ජයසූරිය, මොරගහහේන කේ. බුද්ධික කුමාරසිරී, අතුරුගිරිය ගුණවතී ඉලංකෝන් මැණිකේ)