ක්‍රීඩකයන් සඳහා වන තහනම් උත්තේජක ද්‍රව්‍ය ලැයිස්තුව ඇතුළත් විශේෂ ගැසට්  පත්‍රය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා
අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා

මීට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය ඉවත ඉදිරිපත් කර තිබේ. ක්‍රීඩකයන් භාවිත නොකළ යුතු තහනම් ද්‍රව්‍ය හා තහනම් ක්‍රම අඩංගු ලැයිස්තුවක් ලෝක උත්තේජන මර්දන නියෝජිතායතනය විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කෙරේ.

එයට සමගාමීව 2013 අක33 දරන ක්‍රීඩාවල යෙදීමෙන් උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනතේ 34 වන වගත්තිය ප්‍රකාරව ශ්‍රී ලංකාව විසින්ද එම ද්‍රව්‍ය ක්‍රීඩාවලදී තහනම් ද්‍රව්‍ය ලෙස ප්‍රකාශ කරමින් අංක 2083/32 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබීය. ඒ අනුව එම ගැසට් පත්‍රය මෙලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

-පානුක රාජපක්ෂ-