පසුගිය (21) ඉරිදා අළුයම 3 සිට 7 දක්වා දිවයින පුරාම ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 18019 කගේ සහභාගීත්වයෙන් විශේෂ මෙහෙයුමක් පවත්වා තිබේ. එහිදි අත්අඩංගුවට ගැනීම් පහත පරිදි වේ.

බිමත්ව රිය පදවා අත්අඩංගුවට ගැනීම් 468

වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීම් 1124
විවිධ අපරාධයන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම් 920
හෙරොයින්, වෙනත් මන්ද්‍රව්‍ය හා නීති විරෝධි මධ්‍යසාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම් 992
බලපත්‍ර නොමැතිව රජයේ අරක්කු මුදලට විකිණීම්, ප්‍රසිද්ධ
ස්ථානවල මත්පැන් පානය කිරීම සහ වෙනත් දුෂණ ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම් 53

බලපත්‍ර නොමැති තුවක්කු සමග අත්අඩංගුවට ගැනීම් 02
ජීව අබෝම්බ අත්අඩංගුවට ගැනීම් 01
මුළු අත්අඩංගුවට ගැනිම් සංඛ්‍යාව - 3560 කි. ලබා ගත් රථවාහන නඩු සංඛ්‍යාව - 6020 කි.
2018 වර්ෂයේ මේ දක්වාම පොලිස්පතිතුමාගේ නියමයෙන් මෙවැනි විශේෂ මෙහෙයුම් 13 ක් සිදුකර ඇති බවත් එම මෙහෙයුම්වලදී වරෙන්තුකරුවන් 12099 ක් ඇතුළු සැකකරුවන් 36255ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් එමෙන්ම රථ වාහන නඩු 64143ක් ලබාගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනය කර තිබේ.