http://www.gossiplankanews.com/2018/10/2018-grade-5-exam-winners.html
 මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත්වූ සිසු දරුවන් පිළිබඳ විස්තර දැනගැනීම ඉදිරියටත් එම විභාගයට සූදානම් වන සිසුදරුවන්ට මෙන්ම ඔවුනගේ දෙමාපියන්ට වැදගත් වනු ඇත. පහත පළවන්නේ ඔවුන් ගැන විස්තරයි.
සම පළමු ස්ථානය - වේයන්ගොඩ ශාන්ත මරියා මහ විදුහලේ  කේ. සනුප දිමත් පෙරේරා (199)
සනුප කෝලවත්තේ පදිංචි වෙළෙඳ නාවික නිලධාරී ඉසුරු පෙරේරා මහතාගේ
සහ මව වූ ජල සම්පාදන ඒකකයේ සේවය කරන
සී. නිර්මලා මහත්මියගේ වැඩිමහල් දරුවාය. දිමත් මෙසේ කීය.

http://www.gossiplankanews.com/2018/10/2018-grade-5-exam-winners.html

"මම උනන්දුවෙන් පාඩම් කෙරුවා. අම්මා තාත්තා කියන දේ අහගෙන එදිනෙදා පාසලේ දෙන වැඩ කරගෙන ගියා. මගේ පන්තියේ ගුරුතුමිය වන චින්තා ඩයස් මහත්මියගේ උපදෙස් මගේ ජයග්‍රහණයට හේතු වුණා. පාසලේ වැඩ ඕනෑකමින් කරන අතර මම උපකාරක පන්තියකටද ගිහින් මගේ දැනුම වැඩිකර ගත්තා. මේ සියලු කාරණා නිසා මට මේ ජය ලබන්න පුළුවන් වුණා.
පන්ති භාර ගුරුතුමිය වන චින්තා ඩයස් මහත්මිය මෙසේ කීවාය.
"මේ දරුවා ඉගෙනීමට මෙන්ම චෙස් ක්‍රීඩාවටත් දස්කම් දැක්වූවා. මගේ පන්තියේ සිටි අහිංසකම දරුවා විදියට මම දිමත් හඳුනාගෙන හිටියා. කියන කාර්යයන් එදිනෙදා ඉටු කිරීම මේ දරුවාගේ මම දුටු විශේෂත්වයයි. ඒ වගේම විෂය සමගාමී ක්‍රියාකාරකම්වලදීද මේ දරුවා පෙරමුණේ සිටියා."

සම පළමු ස්ථානය -  පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ප්‍රාථමික විද්‍යාලයේ බුමීත් මෙත්නුල් විතානගේ (199)


http://www.gossiplankanews.com/2018/10/2018-grade-5-exam-winners.html
මෙම ජයග්‍රහණය පිළිබඳව  බුමීත් මෙසේ කීය.
 "මම පාසලේ බාහිර කටයුතු සඳහා වැඩිය සහභාගි වුණේ නෑ. ක්‍රීඩා කටයුතු කළේ නෑ. ඉඳහිට මගේ පාසලේ යාළුවෝ එක්ක සෙල්ලම් කළා. ඒ ඇරුණාම ගෙදරදි අයියලා එක්ක සෙල්ලම් කළා. පාඩම් කරන්න කියලා විශේෂ වෙලාවක් වෙන් කළේ නෑ. ඉඩ ලැබුණු වෙලාවට පාඩම් කටයුතු කළා. මට මේ දක්ෂතාව දක්වන්න පුළුවන්කම ලැබුණේ

පාසලේ උගන්වන දේ හරියට අහගෙන ඉඳපු නිසායි.
මේ ජය ලබන්න මට මගේ මවුපියන්ගෙන් සහ විදුහල්පතිනියගෙන් පාසලේ සියලු ගුරුවරුන්ගෙන් හා පන්ති භාර ගුරුතුමියගෙන් ලොකු ශක්තියක් හා සහායක් ලැබුණා. මම පාසලේ පන්තියෙදි ලියපු පිළිතුරක් වැරදුණු අවස්ථාවලදී පන්තියේ ටීචර් එක්ක පොඩි වාදයක් විවාදයක් කරලා ඒ වරද හදාගත්තා. මම මේ විභාගයෙන් පළමුවැනියා කියලා දැනගත්තාම ලොකු සතුටක් මට දැනුණා.
බුමිත්ගේ මව ලෝචනා වික්‍රමාරච්චි මහත්මිය මෙසේ කීවාය
පුතාගේ ඇසේ ආසාත්මිකතාවයක් තියනවා. මේ නිසා එයාට දූවිල්ල යන්න හොඳනෑ බාහිර ක්‍රීඩා වලට නොයැව්වේ ඒ නිසා. එයා ඉතා හොඳින්  පාඩම් වැඩ කළා. හැබැයි ලොකුවට මහන්සි වුනේ නෑ. හැමදාම මා එක්ක ප්‍රශ්න උත්තර සාකච්ඡා කරනවා. සැහැල්ලුවෙන් මේ ජයග්‍රහණය ගත්තේ.

සම දෙවන ස්ථානය -යාපනයේ චාවකච්චේරි හින්දු ප්‍රාථමික විද්‍යාලයේ නාවාස්කන් නාති (198)
http://www.gossiplankanews.com/2018/10/2018-grade-5-exam-winners.html

යාපනයේ ආනේකෝට්ටේ ප්‍රදේශයේ කුඩා වෙළෙඳසලක් පවත්වාගෙන යන සාමාන්‍ය වැසියකුගේ පවුලේ තුන් වැනි දියණිය වන නාති ඉගෙනුම් කටයුතු සඳහා ඉතාමත්ම දක්ෂ ශිෂ්‍යාවක් ලෙසට පළාත පුරාම ප්‍රකටව සිටින්නීය.
ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ජයක් ලැබූ ඇය පවසා සිටියේ

මමත් මට උගන්වපු හොඳ ටීචර් වගේම ටීචර් කෙනකු වන බවය.
ඇය පාසලේ සෑම ක්‍රීඩාවක් සඳහාම පෙනී සිටිමින් විශිෂ්ට දස්කම් දැක්වූ ශිෂ්‍යාවක් බව විදුහලේ ආචාර්යවරු ප්‍රකාශ කළ අතර නාති පාසලේ සියලුම ගුරුවරුන්ගේ සිත් දිනාගැනීමට සමත් වී සිටින ශිෂ්‍යාවකි. ඇය ජීවත් වන ගම්මානයේ ජනතාව ඇයව එදා සිටම හඳුන්වනු ලබන්නෙ"මුළු පවුලම කවදා හෝ ගොඩගැනීමට සිටින දිරිය දියණිය ඇය බවයි.

සම දෙවන ස්ථානය - යාපනය හින්දු ප්‍රාථමික විද්‍යාලයේ මහේන්ද්‍රන් තිගාලොලිබවන් (198)

http://www.gossiplankanews.com/2018/10/2018-grade-5-exam-winners.html
මෙම ශිෂ්‍යාගේ පියා යාපනයේ රේගු නිලධාරියකු ලෙස සේවය කරන අතර ඔහුගේ මව යාපනයේම මෙම සිසුවා ඉගෙනුම ලබන පාසලේම ගුරුවරියකි. සහෝදරයන් දෙදෙනකු සිටින පවුලේ බාල සහෝදරයා මොහුය. තිගාලොලිබවන් මාධ්‍යට පවසා තිබුණේ සියලු දෙනාම තමන් මේ විභාගයෙන් සමත් වන බව කී නිසා ඉතා උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු කරගෙන ගිය බවයි.
මෙම ප්‍රතිඵලය අසා දැඩි ලෙස සතුටට පත්වුණු බව පැවැසූ සිසුවා ලංකාවෙන්ම තමන් දෙවැනි ස්ථානයට පත් වෙනු ඇතැයි නොසිතූ බවද කියා සිටියේය. අනාගතයේදී ලොකු රස්සාවක් කොට යාපනයේම සේවය කිරීමට තමන් ආසා කරන බව තිගාලොලිබවන් වැඩිදුරටත් පැවැසීය.


සම දෙවන ස්ථානය - බප/මිනු. රෙජී රණතුංග විද්‍යාලයේ සෙනුජි අකිත්මා (198)

http://www.gossiplankanews.com/2018/10/2018-grade-5-exam-winners.html
පවුලේ වැඩිමලා වූ සෙනුජිට බාල නංගී කෙනකු හා මල්ලී කෙනකුද වෙයි. සෙනුජි ඇය ලැබූ ජයග්‍රහණය ගැන අදහස් දක්වා සිටියේ මේ අයුරිනි.
මගේ මේ ජයග්‍රහණය පිටුපසින් මගේ අම්මායි තාත්තායි වගේම මගේ පන්ති භාර ගර්ටි එදිරිසිංහ ටීචර්, තුන හතර වසරේ මට උගන්වපු අමානි කුමාරසිංහ හිටියා.
ඒ වගේම මට එක වසරේ ඉඳන් උගන්වපු සියලු ගුරු මෑණිවරුන්ටත් විදුහල්පති තුෂාරි ප්‍රියදර්ශනී මහත්මියටත් මගේ ස්තුතිය පුද කළ යුතුමයි. මට ලංකාවේ ඉහළ ප්‍රතිඵලයක් ලැබෙයි කියලා ටීචර්ලා විභාගයට පෙර කිව්වා.
මම එදිනෙදා කරන පාඩම් ගෙදර ගිහින් නැවත කරනවා. අම්මා ප්‍රශ්න අහනවා මම උත්තර දෙනවා. ඒ වගේම ප්‍රශ්න පත්‍රවලට නිතරම උත්තර ලිවුවා. මම සාමාන්‍යයෙන් රාත්‍රි 9ට නින්දට යනවා.
උදේ නැඟිටලා පාඩම් කෙරුවේ නෑ. නිදහසේ කටයුතු කරන්න මට ලැබුණා. පාඩම් කරන්න කියලා කවුරුත් මට බල කෙරුවේ නෑ. මං නිතරම පොත් කියවීම කළා. අම්මා මට පොත් ගෙනල්ලා දුන්නා .අනාගතයේ රටට ප්‍රයෝජනවත් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

තෙවන ස්ථානය -  වවුනියාව සිවපුරම් ප්‍රාථමික විද්‍යාලයේ බාල කුමාර් හරිතිකන් සුජා (197)
http://www.gossiplankanews.com/2018/10/2018-grade-5-exam-winners.html

ඇයගේ එම ජයග්‍රහණය පිළිබඳව කතා කරමින් ඇය කියා සිටියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා ඇය කිසිදු උපකාරක පන්තියකට නොගිය බවයි.
ශිෂ්‍යාවගේ පියා කුලී පදනම මත වාහනයක රියැදුරු වශයෙන් රැකියාව කරන අතර මව ගෘහණියකි.
මේ ශිෂ්‍යාවට බාල තවත් එක් සහෝදරියක් පවුලේ සිටින අතර ඉතාම දිළිඳු පවුලක දියණියක වූ ඇය කියා සිටියේ තමන්ට ආර්ථික අගහිඟකම් බොහෝ ඇති බවයි.
තමන්ගේ පන්තිභාර ගුරුවරිය වූ තර්ෂිකා තමන්ට අධ්‍යාපනය ලබා දෙන අතරතුර පත්තර පොත්පත් වැනි සියලුම දේ මේ කාලයේදී ලබා දුන් බවද ඇය කියා සිටියාය.
විභාගය සමත් වුවත් පළාතෙන් පිටත නොගොස් සියලු දෙනාගෙන්ම උදවු ලැබිය හැකි පාසලකට ඇය යන බවද කියා සිටියාය.