නුගේගොඩ - කොහුවල ප්‍රධාන මාර්ගයේ මල්වත්ත පාර අසලදී 29 වැනිදා උදෑසන  එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවන්ට ගමන්  කළ ත්‍රිරෝද රථ දෙකක් ගැටී එකක පැති කණ්නාඩිය කැඩීයාම නිසා
ත්‍රිරෝද රථ රියැදුරන් දෙදෙනා අතර ඇතිවූ බහින්බස් වීමක් දුර දිග ගොස් කළ පහර දීමකින් රියැදුරෙක් එම ස්ථානයේදීම මියගොස් ඇත. මිය ගොස් ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි විසිහත් හැවිරිදි කදිරවේලු ජෝන් ජෝසප් නමැති විවාහක පුද්ගලයෙකි. රථවාහන අනතුරෙන් එක් ත්‍රිරෝද රථයක

පැති කණ්ණාඩියක් පමණක් කැඩී ගොස් ඇත.

එම කණ්ණාඩියේ මිල රුපියල් එකසිය පනහක් පමණ වේ. මෙවැනි සුළු සිද්ධියකින් වටිනා ජීවිතයක් අහිමිව ඇති බවත් පොලිසිය පවසයි. පහරකෑ පුද්ගලයා ප්‍රතිකාර සඳහා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. රෝහලට  ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය. සිද්ධිය සම්බන්ධ පහරදුන් පුද්ගලයා  නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පැවැසීය. සිද්ධිය වූ ස්ථානයට පැමිණි  ගල්කිස්ස අපරාධ ස්ථාන පරික්‍ෂණ ඒකකයේ  ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ෂාරද ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරින් පරික්ෂණ කරන ලදී. අත්අඩංගුවට ගත් සැකකරු 30 වැනිදා අධිකරණයට ඉදිරීපත් කිරීමට  නියමිතව තිබිණි.