ජනපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතන ක්‍රමන්ත්‍රණ සාකච්ඡා පැවැත්වූ බවට සැකකළ හිටපු නියෝජ්‍ය
පොලිස්පති නාලක ද සිල්වා

ඊයේ 5 වන වරටත් කට උත්තර දීමට පැමිනි අවස්තාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
නාලක සිල්වා මහතා ඊයේ (25දා) රාත්‍රියේදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකෙරුණි.
හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.