නේවි සම්පත් නමැති අපරාධකරුට රැකවරණය ලබාදීම සහ රටින් පැන යෑමට ආධාර කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි ඒකාබද්ධ මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඊයේ (10) අලුයම රටින් පිටව ගොස් ඇත.


අත්අඩංගුවට ගෙන කොටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා ඊයේ (10 ) පෙරවරුවේ තම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඉකුත් සිකුරාදා (07 ) දැනුම් දී තිබිණි.


අත්අඩංගුවට ගෙන කොටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා ඊයේ (10 වැනිදා) පෙරවරුවේ තම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස අද්මිරාල් රවීන්ද්‍ර විඡේගුණරත්න මහතාට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඉකුත් සිකුරාදා (07 වැනිදා) දැනුම් දී තිබිණි.

අද්මිරාල් විඡේගුණරත්න මහතා ඊයේ අලුයම 3.33 ට කටාර් ගුවන් සමාගමට අයත් යානයකින් විදේශ ගතවී ඇති බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචිමාර්ග පැවසීය. මේ අතර ඊයේ දහවල් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා වෙත අද්මිරාල් විඡේගුණරත්න මහතා විදෙස්‌ ගත වූ බවට ලිපියක්‌ ලැබී ඇත.

ආරංචිමාර්ග පැවසුවේ මෙක්‌සිකෝවේ පැවැත්වෙන ජාතික උත්සවයකට සහභාගි වීම සඳහා අද්මිරාල් විඡේගුණරත්න මහතා රටින් බැහැර වී ඇති බවයි.

තරුණයන් එකොළොස්‌ දෙනකු පැහැරගෙන ගොස්‌ අතුරුදන් කිරීම සහ පාර්ලිමේන්තු මන්ත්‍රි නඩරාජා රවිරාඡ් මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් විවෘත වරෙන්තු නිකුත් කර නේවි සම්පත් නමැත්තාට රැකවරණය ලබාදීම ඔහුට රටින් පැන යෑමට උපකාර කිරීම යන චෝදනා මත අද්මිරාල් විඡේගුණරත්න මහතා අත්අඩංගුවට ගෙන කොටුව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක්‌ නිකුත් කර තිබිණි.

හේමන්ත රන්දුණු