තමා නීතියට පිටු නොපෑ බවත් රාජකාරිය සම්බන්ධයෙන් විදේශගත වූ අතර ඉතා ඉක්මනින් ශී‍්‍ර ලංකාවට
පැමිණෙන බවත් ආරක්ෂක

මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා මෙක්සිකෝවේ සිට  ඊයේ (12දා) පැවසීය.
තමා විදෙස්‌ගත වූ බව රහස්‌ පොලිසියට දැනුම් දුන් බව කී රවීන්ද්‍ර විඡේගුණරත්න මහතා නීතියට පිටුපා අනවශ්‍ය ප්‍රශ්න ඇති කර ගැනීමට තමාට අනවශ්‍ය බවද කීවේය.
පුද්ගලයන් 11 දෙනකු අතුරුදන් කිරීමට සම්බන්ධ බව කියන ''නේවි'' සම්පත් නමැත්තාට රටින් පැන යැමට ආධාර කිරීමේ චෝදනාව මත රහස්‌ පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටියදී අද්මිරාල් රවීන්ද්‍ර විඡේගුණරත්න මහතා මෙසේ විදේශගත විය.
මේ පිළිබඳව අප නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රවීන්ද්‍ර විඡේගුණරත්න මහතා කියා සිටියේ තමා විදේශගත වීම පිළිබඳව ඇතැමුන් වරදවා තේරුම් ගැනීමට ඉඩ තිබෙන බවයි.

-නෝමන් පලිහවඩන-