යුද බියෙන් ජනතාව පීඩාවට පත්ව සිටි යුගයේ කතාකිරීමට හෝ නිදහසක් නොතිබූ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

පිළියන්දල පැවති ආගමික උත්සවයකට එක්වෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.

අතීතයේ එල්.ටී.ටී.ඊ ය විසින් තමාව ඝාතනය කිරීමට උත්සහ ගත් නමුත් එය අසාර්ථක වු බවත්, නීතිය රාජපක්ෂ පාලන කාලයේ රට තුළ බොහෝ සෙයින් ක්‍රියාත්මක වු බව ද පැවසු ගෝඨාභය රාජපක්ෂ මහතා, ත්‍රස්ථාවාදය තුරන් කිරීමට, පාතාලය අවම කිරීමට හා කුඩු පාලනය කිරීමට හැකි වු බව ද

කියා සිටියේය.

අද වන විට නීතියට අපරාධ පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවත්, ජනතාව අත්විඳින දේ අනුව ඔවුන් එය විවේචනය කරන බවත් පැවසු ගෝඨාභය රාජපක්ෂ මහතා, සැබෑ නිදහස අරන් දුන්නෙ කවුද කියලා ජනතාව සිතිය යුතු බව ද පැවසීය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“ඕගොල්ලොම කල්පනා කරලා බලන්න ඕනේ කාටද?,  නිදහස අරන් දුන්නේ කියන එක. දෙන්නට එකට ගමන් කරන්න වත් බැරි තත්ත්වයක්නේ තිබුණේ. මේ අවට බෝම්බ කීයක් ගියාද? නිදහස අරන් දුන්නා කියන එක තමුන්නාන්සේලා හොයාගන්න ඕනේ. මටත් තේරෙන්නේ නෑ මේ එක එක්කෙනා  කියන කොට ඒගොල්ලො නිදහස අරන් දුන්න කතා කියන කතා කරන්නේ කොහොමද? වවුනියාවෙන් ඉස්සරහට යන්න බෑ යාපනේ දක්වා. නැගෙනහිර පළාතේ තුනෙන් දෙකකට යන්න බැහැ. එහෙම යන්න බැරුව තියන නිදහස මොකක්ද?”