මීට වසර කීපයකට ඉහතදී විශ්‍රාම  ගිය ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පතිවරයකු කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි
සූදු පොළක (කැසිනෝ)

ආරක්‍ෂක අංශ භාර ප්‍රධාන නිලධාරී වශයෙන් හඳුනාගෙන තිබේ.
පසුගිය දිනක ඔහු සේවයෙහි නියුතුව සිටී ආයතනයේ සූදු සෙල්ලම් කිරීම සඳහා යොදා ගන්නා 'සූදු කැට' පනහක් (50) අස්ථාන ගතවූ සිද්ධියකින් පසු
මේ කියන හිටපු පොලිස්පතිවරයා දුරකථනය මඟින් එකී සිද්ධිය  කොල්ලුපිටිය පොලිසිය වෙත  දැනුම්දී ඇති අතර මේ සංසිද්ධිය නිසා එකී ආයතනයේ ආරක්‍ෂක අංශ භාරව කටයුතු කරන්නේ මොහු බව අනාවරණය වී ඇත.
මෙම පොලිස්පතිවරයාට එරෙහිව පසුගිය කාලයේ චෝදනා කීපයක් එල්ල වී තිබූ අතර ඔහු ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ පවා ලබාදුන් අයෙකි.

-කුමුදු උපුල් ශාන්ත-