අනුරාධපුර පාලාඩිකුලම පාලම මතදී ඊයේ උදෑසන ( 18) ගොයම් කපන යන්ත්‍රයක් (භූතයා ලෙස
හදුන්වන)පෙරළි එහි රියදුරු බරපතල තුවාල ලබා අනූනවයෙන් දිවි ගලවාගෙන ඇත.

මෙම පාලම ඉතා පැරැණි පාලමක් වන අතර එය පිහිටා ඇත්තේ සිග්සැග් ආකාරයටය.ඒ හේතුවෙන් පාලම ගැන තතු

නොදන්නා බොහෝ දෙනෙකු මෙහිදී අනතුරට පත්වෙති.මෙම පාලම සහිත මාර්ගය නාච්චාදූව ප්‍රදේශයේ සිට පැරැණි නුවර මාර්ගයට ගමන් කළ හැකි කෙටිම මාර්ගයයි.එම නිසා මෙම මාර්ගය දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේද භාවිත කරනු ලබන පිරිස අධිකය.

අද සිදුවුයේ මෙම පාලම මත සිදුවූ 09 වන අනතුර වන අතර මීට පෙර සිදුවූ අනතුරු වලින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.ඇදි වැටක්වත් නොමැති ‍ෙමය ඉතා පටුය.