කිලිනොච්චි රාජකාරි නියුතු යුධ හමුදා සාමජිකයින් හට අංගම්පොර සටන් පුහුණු පාඨමාලාවක් අරඹා ඇත.
ආරක්‍ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි) ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ සංකල්පයක් මත කිලිනොච්චි බළ‍ප්‍රදේශය තුල රාජකාරි නියුතු යුධ හමුදා සාමාජිකයින් හට මෙය අරඹන ලදි.


යුද්ධ හමුදා අංගම්පොර සංචිතයේ සභාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ අධික්‍ෂණය යටතේ මෙම පාඨමාලාව පවත්වන අතර, අංගම්පොර සටංකලා පාඨමාලාවේ ප්‍රධාන උපදේශක වශයෙන් රිටිගල සිංහක්කාර පරපුරේ කලාකීර්ති කලාවිභුෂණ දේවින්ද ලක්සිරි රණසිංහ මහතා කටයුතු කරයි.
මුලින් සාමාජිකයින් 100 දෙනෙකු සහභාගිවන අතර, පාඨමාලාවට සහභාගීවන සියලු නිළයින්හට ආත්ම ආරක්‍ෂක සටන් උපක්‍රමවල නිපුණත්වයක් ලබාදීම, ශාරීරික ශක්තිය, විඳදරා ගැනීම සහ ආත්ම ශක්තිය වර්ධනය සිදු කරනු ඇත.