Softlogic හෝල්ඩින්ග්ස් සමාගමේ අනුබද්ධිත ආයතනයක් වන Suzuki මෝටර්ස් ලංකා Suzuki මෝටර් සයිකල් මෙරට බෙදාහැරීමේ බලයලත් අලෙවි නියෝජිතයාතනයයි. GSX-R මෝටර් සයිකල් පරම්පරාවේ Suzuki Gixxer, 150cc මෝටර් සයිකල් කාණ්ඩයේ ප්‍රමුඛයා වන අතර පෙනුම මෙන්ම ජවය එකට එක්කර දඟකාර තාරුණ්‍යයට ක්‍රීඩාශීලී අද්විතීය අත්දැකීමක් සමගින් පැමිණ ඇත.



බලය සහ ක්‍රියාශීලී බව සදහාම විශේෂයෙන් නිපදවූ 155cc SEP තාක්ෂණයෙන් බලගැන්වුනු එන්ජිමකින් Gixxer ‍යතුරුපැදිය සමන්විතයි. වායු සිසිලන එන්ජිම 14.8PS @ 8000RPM බලයක් නිශ්පාදිත කරන 150CC යතුරුපැදි කාණ්ඩයේ එකම යතුරුපැදිය වන්නෙද Suzuki Gixxer යතුරුපැදියි.

සම්පුර්ණයෙන් ඩිජිටල් මීටර් පද්ධතිය සහ එහි අසම සම පහසුකම් Gixxer යතුරුපැදියට තවත් සුවිශේෂ වටිනාකමක් එක්කර ඇත.

Suzuki Gixxer බලය හා හැසිරවීම සම්බන්ධයෙන් පෙර නොවූ විරූ අත්දැකීම් ලබාදෙන්නකි.
පසුගියදා වාද්දුව ඕවින්කා ලේක් රිසෝට් හිදී Suzuki Gixxer හිමිකරුවන්ගේ සමාජය විසින් Suzuki Gixxer Parade & Camping Night 2018 පවත්වන ලද අතර මෙම අති උත්කර්ෂවත් කඳවුරේදී Gixxer ජවය එළිදුටු අයුරු මේ සමග පළවන වීඩියෝවෙන් දැක්වේ..
sponsored content