නබලය කොළඹට විරෝධතාව පූර්වයෙන් සූදානම් නොකළ ආකාරයට අද රාත්‍රී 10.15 ට පමණ අවසන් වූ බව වාර්තාවේ. මෙම විරෝධතාව සඳහා සහභාගී වූ පිරිස විරෝධතා රැළියට අද (05) සවස සහභාගීවූ පසුව පාරේ වාඩිවී ගිමන් නිවා රාත්‍රී ආහාර ලබාගත් අතර වාර්තාවූ ආකාරයට ඉන්පසු පැමිණි විශාල පිරිසක් නැවත සියගම්බිම් බලා ගොස් තිබේ. තමන් මහින්ද වෙනුවෙන් පැමිණි නමුත් රාත්‍රිය ගත කිරීමට අවශ්‍ය පහසුකම් හෝ ඒ සඳහා සැලසුමක් නැතිවීම නිසා තවදුරටත් රැඳී සිටින්නට බැරි බව
එසේ ගිය පිරිස් තර්ක කරමින් කෑ ගසනු රූපවාහිනී වීඩියෝ වලටද නැගිණි.

අනතුරුව ලේක්හවුස් වටරවුම අසළ 5000 කට ආසන්න පිරිසක් ඉතිරිවී සිටි අතර
ඔවුන් යොදවා මින් පෙර නාමල් රාජපක්ෂ සැලසුම් කළ ආකාරයට අරලියගහ මන්දිරය හා  ජනපති නිල නිවස අසළ විරෝධතාවන් සත්‍යග්‍රහයන් පැවැත්වීමේ අදහස වෙනස් කරගෙන ඇත්තේ ප්‍රමාණවත් පිරිසක් නොමැති නිසාය,
අනතුරුව සූදානම් කළ පන්දම් රැගෙන ඇවිත්

ලේක් හවුස් වට රවුම අභියස වාඩිවී ඒවා දල්වා සත්‍යග්‍රහයක් ආරම්භ කරන ලදි.
 පිරිස ප්‍රමාණවත් නොවීම නිසා මෙම කටයුතු වලට ඒකාබද්ධ ජ්‍යෙෂ්ඨයින් එක්වූයේද කොටසකි.

මුල් අවස්ථාවේ හිටපු ජනපතිවරයාද එහි නොසිටි අතර පසුව ඔහු එයට එක්වි  තමාද අද රැය පහන්වනතුරු පිරිස සමග සිටිමින් සත්‍යග්‍රහයට එක්වන බව මාධ්‍ය කැමරා හමුවෙ පවසා තිබුණි.
හිටපු ජනපතිගේ කතාවෙන් පසුව පූර්වයෙන් සූදානම් කර තිබුණ අංගම්පොර සහ සංස්කෘතිකාංග දර්ශන ජවනිකා කිහිපයක් පිරිස ඉදිරියේ රඟදක්වා ඇත.
නමුත් විරෝධතා කරුවන් හෙට එළිවනතුරු සත්‍යග්‍රහ කරන අදහස ඉන්පසු වෙනස් කරගෙන තමන්ටද ගෙදර යන්න ඕනෑ බව දන්වා ඇත.

 රාත්‍රී 10.15 ට පමණ වාර්තා වූයේ ඔවුන් රැය පහන් කරන අදහස අතැර දමා පිටව යාමට සූදානම් වූ අයුරුය. සවස ඔවුන් ගත කළ භූමියේ තිබෙන අපවිත්‍ර වූ දෑ පිරිසිඳු කර ඔවුහු විරෝධතාව අනපේක්ෂිත ලෙස අතැර එතැනින් පිටව ගියෝය.වැඩසටහනේ සැලසුමක් නොමැතිවීම හා අරමුණක් නොවීම නිසා බොහෝ අපහසුතාවන්ට තමන් මුහුණ දුන් බවත් ආවේ මහින්ද මහතා නිසා බවත් පිටව යන උද්ඝෝෂකයින් මාධ්‍ය වෙත පවසා තිබුණි.

මින් ඉහත සංවිධායකයින් දන්වා සිටියේ රැය පහන්වනතුරු මෙතැනින් පිටව නොයන බවක් වන අතර ඇතැමුන් කිව්වේ  රජය පෙරළන තුරු මෙම ස්ථානයෙන් පිටව නොයන බවත්ය.