සස් පෙළ විභාගයට පෙනී සිට නැවත නිවසට පැමිණෙමින් සිටි 19 හැවිරිදි පාසල් සිසුවියක පැහැරගෙන ගොස් අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කිලිනොච්චිය දිස්ත්‍රික් යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බව පැවසෙන කන්දයියා විජයරූබන් (27) අත්අඩංගුවට පත්ව තිබේ. යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ සිසුවිය අතර තිබූ ප්‍රේම සම්බන්ධතාවකට
සිසුවිය අකැමැත්ත පලකිරීම නිසා පලිගැනීමක් ලෙස මිතුරෙකු සමග එක්ව මෙලෙස පැහැරගෙන ගොස් අපයෝජනයට ලක්කර ඇති බව වාර්තාවිය.
කන්දයියා විජයරූබන් සහ ඔහුගේ මිතුරා ගනේෂ් දර්ශන (27) ලබන

මස 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මුලතිව් මහේස්ත්‍රාත් ලෙනින් කුමාර් මහතා ඊයේ(23) නියෝග කළේය.
සැකකරුන් දෙදෙනා එදිනට හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසත් සිසුවිය පැහැරගැනීමට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
පසුගිය 20 වැනිදා මෙම සිදුවීම සිදුව තිබුනේ පුදුකුඩිරිප්පු උදයාකට්ටු ප්‍රදේශයේදීය. පාසල් සිසුවියක වූ වින්දිත දැරිය උසස් පෙළ විභාගයට පෙනී සිට නැවත තම නිවසට පැමිණෙමින් සිටිය දී පැහැර ගැනීම සිදු කර තිබුණි.
සැකකරුවන් දෙදෙනා කණ්ඩායමක් සමග කැබ් රථයකින් හා යතුරුපැදි දෙකකින් පැමිණ පාසල් සිසුවිය පැහැරගෙන ගොස් තිබූ අතර ඔවුන් පලයි ප්‍රදේශයේ පාළු නිවසකට සිසුවිය ගෙනගොස් අතවරය කර තිබේ.
සිසුවිය පැහැරගන්නා අවස්ථාවේ

ඇය පාසල් ඇඳුමින් සිට ඇති නමුත්  අපයෝජනය කිරීමෙන් පසු  ඇයට වෙනත් ඇඳුමක් අන්දවා උදයාදිකට්ටු නිවෙසට නුදුරින් පාළු ප්‍රදේශයකට රැගෙනගොස් අතහැර දමා ගොස් සිටි බව ද පොලිසියට වාර්තාවී තිබේ.
යොවුන් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයා 2017-2018 කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන්
යොවුන් පාර්ලිමේන්තුවට ඉදිරිපත්වූ අයකු බවත් සෙසු සැකකරු ඔහුගේ හොඳම මිතුරා බවත් පොලිසිය පැවසීය.
පැහැරගැනීම සඳහා යොදාගත් කැබ්රථයක් හා යතුරු පැදියක් පොලිසිය අත්ඩංගුවට ගෙන තිබුණි.
අපයෝජනයට ලක් කළ සිසුවිය මුලතිව් රෝහලේ ප්‍රතිකාර ලැබූ අතර සිසුවිය ඊයේ (23 දා) පොලිස් රැකවරණය යටතේ උදයාර්කට්ටු මහා විද්‍යාලයේදී විභාගයට පෙනී සිටි බවද වාර්තා විය.
සිසුවිය අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලැබුණු උපදෙස්‌ මත පොලිස්‌ රැකවරණය සහිතව විභාග ශාලාවට රැගෙන ගිය බව පොලිසිය පවසා ඇත.
තවත් සැකකරුවන් පස්‌දෙනකු පිළිබඳව පොලිසිය විමර්ශන සිදු කරයි.