මනාල යුවළක් මෝටර් රථයෙන් නිවස ආසන්නයට පැමිණෙද්දී මනාලයාගේ මිතුරන් විසින් කරන ලද ඉල්ලීම

පරිදි මනාලිය අත් කරත්තයක නංවා

මනාලයා විසින් තල්ලු කරගෙන නිවසට කැඳවාගෙන යන අවස්‌ථාවේ
මාර්ගයේ මෝටර් රථයකින් පැමිණි පිරිසක්‌ එම දර්ශනය නැරඹීම නිසා කෝපයට පත්වූ මනාලයා සහ
දෙවැනි මනාලයා ඔවුන්ට පහර දුන් පුවතක් ගන්දර ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මාර්ගයේ ගමන් ගත් පිරිසට පහරදී තුවාල කළැයි ලද පැමිණිල්ලක්‌ මත මනාලයා සහ දෙවැනි මනාලයා
අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මෝටර් රථයේ සිටි පියා, මව හා පුතෙකු මෙලෙස පහර කෑමට ලක්ව තිබෙනවා.

මව සුළු තුවාල ලබා ඇති බවත් පියා හා පුතා ප්‍රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් කර ඇති බවත්
පොලිසිය පවසනවා.

තවත් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.